පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
139/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බදුල්ල දිස්ත්‍රික්කය තුළ ඇති පළාත් පාලන ආයතන කවරේද;
(ii) එම එක් එක් ආයතනයේ, පළාත් පාලන අරමුදලේ තත්ත්වය 2010 වර්ෂයේ සිට මේ දක්වා එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම කාලසීමාවට අදාළව, සභා අරමුදලේ අය සහ වැය වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්නේද;
(iv) එකී කාලසීමාව තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සතු සභා අරමුදල ශක්තිමත් කිරීමට අමාත්‍යාංශය ගත් පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-05-23
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) 01. බදුල්ල මහනගර සභාව
02. බණ්ඩාරවෙල මහනගර සභාව
03. හපුතලේ නගර සභාව
04. මහියංගනය ප්‍රාදේශීය සභාව
05. රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව
06. සොරණාතොට ප්‍රාදේශීය සභාව
07. මීගහකිවුල ප්‍රාදේශීය සභාව
08. කන්දකැටිය ප්‍රාදේශීය සභාව
09. පස්සර ප්‍රාදේශීය සභාව
10. ලුණුගල ප්‍රාදේශීය සභාව
11. බදුල්ල ප්‍රාදේශීය සභාව
12. හාලිඇල ප්‍රාදේශීය සභාව
13. ඌව-පරණගම ප්‍රාදේශීය සභාව
14. වැලිමඩ ප්‍රාදේශීය සභාව
15. බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව
16. ඇල්ල ප්‍රාදේශීය සභාව
17. හපුතලේ ප්‍රාදේශීය සභාව
18. හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව
(ii) ඇමුණුම 01* මඟින් දක්වා ඇත.
(iii) ඇමුණුම 02* මඟින් දක්වා ඇත.
(iv) බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල අරමුදල් ශක්තිමත් කිරීම සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මඟින් 2010 වර්ෂයේ සිට මේ දක්වා පුරනැඟුම (අතිරේක ප්‍රතිපාදන) ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 572.78ක් වටිනා ව්‍යාපෘති බදුල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘති මඟින් සෘජු හා වක්‍ර වශයෙන් අදාළ පළාතේ පළාත් පාලන ආයතනවල අරමුදල් ශක්තිමත් කිරීමට මෙම අමාත්‍යාංශය මඟින් දායකත්වයක් ලබා දී ඇත.
(ආ) අදාළ නොවේ.
ඇමුණුම් සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2019-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks