01

E   |     |  

 දිනය: 2019-03-14   පිළිතුර ලබා දී ඇත 

0130/2019: බ/කරඳගහමඩ විද්‍යාලය: අවශ්‍යතා

130/’18

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වියළුව මැතිවරණ කොට්ඨාසයේ, මීගහකිවුල අධ්‍යාපන කොට්ඨාසය තුළ       බ/කරඳගහමඩ විද්‍යාලය නමින් පාසලක් තිබෙන බව දන්නේද;

             (ii)       එසේ නම්, එම පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව සහ ගුරුවරුන් සංඛ්‍යාව ‍වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ස්ථිර ක්‍රීඩා පිටියක් නොමැති වීම නිසා, පසුගියදා එම පාසලේ ක්‍රීඩා උත්සවය අසළ පිහිටි මාර්ගයක පැවැත්වූ බව දන්නේද;

(iv) දුෂ්කර පළාතක පිහිටි මෙම පාසලේ අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-14

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) ඔව්.

(ii) ශිෂ්‍ය සංඛ්‍යාව - 243කි.

ගුරු සංඛ්‍යාව - 23කි

(පහත වගුවේ ගුරු සංඛ්‍යාව වර්ගීකරණය කර ඉදිරිපත් කර ඇත.)

විෂයය

ගුරු සංඛ්‍යාව

ප්‍රාථමික

06

හර විෂයයන්

08

කාණ්ඩ විෂයයන්

06

විශේෂ අධ්‍යාපන

02

වෙනත් පාසලකට තාවකාලිකව අනුයුක්ත කළ

01

එකතුව

23

 

 

(iii) මෙම පාසලට ක්‍රීඩා පිටියක් ඇති අතර, එය ප්‍රමාණයෙන් කුඩා එකක් බවත් 2018, 2019 වර්ෂවල එම පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය පවත්වා නොමැති බවත්, 2017 වර්ෂයේ ක්‍රීඩා උත්සවය එම ක්‍රීඩා පිටියේ පවත්වා ඇති නමුත් මීටර් 200 හා මීටර් 400 දිවීමේ ඉසව් එම ක්‍රීඩා පිටියේ පැවැත්වීම සඳහා ඉඩ ප්‍රමාණවත් නොවූ බැවින් එම ඉසව් පමණක් පාසල අසල මාර්ගයේ පවත්වා තිබෙන බවත් ඌව පළාත් අධ්‍යාපන ලේකම් විසින් වාර්තා කර ඇත.

(iv) "ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතියේ B හා E කාණ්ඩ යටතේ මෙම පාසලේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත්, එම විදුහලේ ක්‍රීඩා භූමිය සංවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳ මූලික විමර්ශනයක් සිදු කර ඇති බවත් එම විමර්ශනය අනුව ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමේ හැකියාවක් නොමැති බවත් නිරීක්ෂණය වන බවත් ඌව පළාත් අධ්‍යාපන ලේකම් විසින් දන්වා ඇත.

එසේම එම ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳ තාක්ෂණික වාර්තාවක් ලබා ගැනීම සඳහා ඉංජිනේරු සේවා කාර්යාලය වෙත යොමු කර ඇති බවත් ඌව පළාත් අධ්‍යාපන ලේකම් විසින් දන්වා ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-03-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks