E   |     |  

 දිනය: 2019-03-12   පිළිතුර ලබා දී ඇත 

0128/2019: ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම: පළාත් පාලන ආයතනවල කාර්යභාරය

128/’18

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ඩෙංගු රෝගය රට පුරා ව්‍යාප්ත බව දන්නේද;

             (ii)      එසේ නම්, 2015 වර්ෂයේ සිට මේ දක්වා ඩෙංගු රෝගයෙන් මියගිය සංඛ්‍යාව, එක් එක් පළාත් පාලන ආයතනය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) පළාත් පාලන ආයතන නිසි පරිදි සිය කටයුතු ඉටු නොකිරීම නිසා ඩෙංගු රෝගය ව්‍යාප්ත වන බව පිළිගන්නේද;

(iv) එසේ නම්, ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පළාත් පාලන ආයතන බල ගැන්වීම සඳහා අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-12

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2019-03-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ෆයිසාල් කාසිම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks