පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
127/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඌව පළාත් සභාව විසින් ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනක් දියත් කර තිබේද;
(ii) එසේ නම්, වත්මන් ඌව පළාත් ප්‍රධාන අමත්‍යාවරයා එම ධූරයට පත්වීමෙන් අනතුරුව මේ දක්වා ලබා දී ඇති ඔප්පු සංඛ්‍යාව කොපමණද;
(iii) ඔප්පු ලබා දී ඇති පුද්ගලයන්ගේ නම්, ලිපිනයන් සහ ඔවුන් පදිංචි ග්‍රාම නිලධාරි වසම් කවරේද;
(iv) මෙම ඉඩම් ඔප්පු ලබාදීමට පළාත් සභාව අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-11
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්), ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින් සහ ඌව පළාත් සභාව ඒකාබද්ධ වී ඉඩම් ඔප්පු ලබාදීමේ කටයුතු කර ඇත.
(ii) වත්මන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා බලයට පත්වීමෙන් පසු ලබා දී ඇති ඔප්පු සංඛ්‍යාව 1,032කි.
(iii) රිදීමාලියැද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඔප්පු ලබා දී ඇති පුද්ගලයින්ගේ නම්, ලිපිනයන් හා ඔවුන් පදිංචි ග්‍රාම නිලධාරි වසම් පිළිබඳ තොරතුරු ඇමුණුම 01* මඟින් දක්වා ඇත.
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ඔප්පු ලබා දී ඇති පුද්ගලයන්ගේ නම්, ලිපිනයන් හා ඔවුන් පදිංචි ග්‍රාම නිලධාරි වසම් පිළිබඳ තොරතුරු ඇමුණුම් අංක 02 මඟින් දක්වා ඇත. (ඇමුණුම් අංක 02 සභාගත* කරමි)
මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ඔප්පු ලබා දී ඇති පුද්ගලයන්ගේ නම්, ලිපිනයන් හා ඔවුන් පදිංචි ග්‍රාම නිලධාරි වසම් පිළිබඳ තොරතුරු ඇමුණුම් අංක 03 මඟින් දක්වා ඇත. (ඇමුණුම් අංක 03 සභාගත* කරමි)
(iv) ඔව්. ඉඩම් ඔප්පු ලබා දීමට ඌව පළාත් සභාව අනුගමනය කළ ක්‍රමවේදයට පදනම වන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනයේ නව වැනි උපලේඛනයේ පළාත් සභා බලතල (අනු අංක 18) ප්‍රකාරව පළාත් සභාව වෙත පැවරී ඇති ඉඩම් බලතලයන්ය. එම බලතල ක්‍රියාවෙහි යොදවමින් ඉඩම් ඔප්පු ලබාදීමේ රාජකාරි කටයුතු සඳහා ඌව පළාත් සභාව යටතේ ඇති පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් පහත පරිදි ක්‍රියාමාර්ග ගෙන ඇත.
ඉඩම් දීමනාපත්‍ර ලබාදීම සඳහා
ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19 (4) වගන්තිය අනුව දීමනාපත්‍ර නිකුත් කරනු ලබන අතර පෙර ලබා දී ඇති බලපත්‍ර අනුව කොන්දේසි සම්පූර්ණ කර ඉඩම සංවර්ධනය කර භුක්ති විඳිනු ලබන පුද්ගලයන් සඳහා දීමනා පත්‍රයක් ලබා ගැනීමට ඉල්ලුම් කළ හැකි අතර ක්ෂේත්‍ර පරීක්ෂණයකින් පසු ඉඩම නිසි පරිදි සංවර්ධනය කර ඇත්නම් දීමනා පත්‍රයක් ලබා දීම සඳහා ඉඩම මැන මායිම් ගල් යොදා අනුලේඛනයක් සකස් කර එවන ලෙස දිස්ත්‍රික් මිනින්දෝරු අධිකාරි වෙත මැනුම් නියෝගයක් නිකුත් කරනු ලබයි. ඒ අනුව මිනින්දෝරු අධිකාරි විසින් සකස් කළ අනුරේඛනය ප්‍රාදේශීය ලේකම් වෙත එවනු ලබයි. මිනින්දෝරු කාර්යාලයේ අනුරේඛනය ලද පසු ප්‍රාදේශීය ලේකම් විසින් අවශ්‍ය ලේඛන සකස් කර සිය නිර්දේශය සහිතව පළාත් ඉඩම් කොමසාරිස් වෙත යොමු කළ පසුව ලේඛනවල නිරවද්‍යතාව පරීක්ෂා කර පළාත් ඉඩම් කොමසාරිස් විසින් සිය නිර්දේශය සහිතව ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යොමු කරනු ලැබේ. පසුව අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රතිරූප අත්සන සහිතව සකස්වන දීමනා පත්‍රය පළාත් ඉඩම් කොමසාරිස් හරහා නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු කරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks