01

E   |   த   |  

 දිනය: 2019-03-09   පිළිතුර ලබා දී ඇත 

0126/2019: Transport Authority Uva Province

126/’18

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පාලනය යටතේ ධාවනය වන  බස්රථ සංඛ්‍යාව කොපමණද;

             (ii)      දැනට ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවයේ නියුතු සේවක සංඛ්‍යාව කොපමණද;

(iii) එහි දැනට සේවයේ නියුතු ‍නිලධාරින්ගේ නම් හා ලිපිනයන් කවරේද;

(iv) ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එම ධූරයට පත්වීමෙන් අනතුරුව, මේ දක්වා එම අධිකාරියේ ලබාදි ඇති රැකියා සංඛ්‍යාව හා එම රැකියාලාභින්ගේ නම් හා ලිපිනයන් කවරේද;

  (v) වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා එම ධූරයට පත්වීමෙන් අනතුරුව ලබාදී ඇති බස්රථ අවසර පත්‍ර (Permits)  හා එම අවසර පත් ලබාදුන් මාර්ග හා පුද්ගලයන්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(vi) ඒ සඳහා අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-09

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks