පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
125/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සමෘද්ධි වැඩසටහන යටතේ “සමෘද්ධි සිප්දොර” ශිෂ්‍යත්ව නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේද;
(ii) එසේ නම්, එම වැඩසටහනේ අරමුණු කවරේද;
(iii) 2010 වර්ෂයේ සිට මේ දක්වා “සමෘද්ධි සිප්දොර” ශිෂ්‍යත්ව ලැබූ බදුල්ල දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නම්, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ඉදිරියේදී දැනට වඩා වැඩිපුර සිප්දොර ශිෂ්‍යත්ව ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කයට ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-08
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) අ.පො.ස.(සා.පෙළ) විභාගයෙන් උසස් ප්‍රතිඵල ලැබූ සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල දරුවන්ට උසස් පෙළ අධ්‍යාපනය වෙනුවෙන් මූල්‍යාධාර සැපයීම මින් සිදු කෙරේ. අ.පො.ස.(උ.පෙළ) විභාගය දරුවෙකුගේ උසස් අධ්‍යාපනයේ ආරම්භක දොරටුව වන හෙයින් ආර්ථික දුෂ්කරතා මත එම අවස්ථාව ගිලිහී යාමට ඉඩ නොදී දරුවාගේ අනාගත අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සහ උසස් පෙළ හදාරන සිසුන්ගේ අධ්‍යාපනය සඳහා උපකාර කිරීමෙන් සමෘද්ධිලාභී පවුල්වල දරුවන් වැඩි සංඛ්‍යාවකට උසස් අධ්‍යාපන වරම් ලබා ගැනීමට සහයෝගය ලබා දීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
(iii)
(iv) මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව ලබා ගැනීම සඳහා වර්ෂයකට අයදුම්පත් 26,000ක් පමණ ඉදිරිපත් වන බැවින්, බදුල්ල දිස්ත්‍රික්කයද ඇතුළුව මුළු දිවයිනම ආවරණය වන පරිදි සුදුසුකම් සපුරා ඇති ඉල්ලුම්කරුවන් වැඩි පිරිසකට සිප්දොර ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කරන ලෙස සමෘද්ධි සමාජ ආරක්ෂණ භාරකාර මණ්ඩලයට උපදෙස් දීමට කටයුතු කරගෙන යනු ලැබේ.
මීට අමතරව 2018/2020 වර්ෂ සඳහා මුළු දිවයිනට ලබා දෙන සිප්දොර ශිෂ්‍යත්ව සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඇමුණුම* මඟින් ඉදිරිපත් කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks