පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
124/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— ප්රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහනේ මූලික අරමුණු කවරේද;
(ii) ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක වන ක්ෂේත්ර කවරේද;
(iii) යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව, මෙම ජීවනෝපාය සංවර්ධන වැඩසටහනින් ප්රතිලාභ ලැබූ පවුල් සංඛ්යාව, එක් එක් ප්රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ඉදිරියේදී මෙම වැඩසටහන තවදුරටත් ව්යාප්ත කිරීමට අමාත්යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-07
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්යාංශය
ප්රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) දිළිඳුකම පිටුදැකීම සහ සමාජ සාධාරණත්වය තහවුරු කිරීම.
(ii) ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් කෘෂිකර්ම, ධීවර හා සත්ව පාලන, කර්මාන්ත හා ව්යවසාය සංවර්ධන ක්ෂේත්ර යටතේ දිවයිනම ආවරණ වන පරිදි ප්රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්රියාත්මක වෙයි.
(iii)
|
දිස්ත්රික්කය |
ජීවනෝපාය සංවර්ධන වැඩසටහනින් ප්රතිලාභ ලැබූ සංඛ්යාව 2015 සිට 2018 දක්වා |
|
කොළඹ |
4016 |
|
ගම්පහ |
6693 |
|
කළුතර |
4463 |
|
ගාල්ල |
3433 |
|
මාතර |
4677 |
|
මහනුවර |
5913 |
|
හම්බන්තොට |
2072 |
|
මාතලේ |
2270 |
|
කුරුණෑගල |
8891 |
|
නුවරඑළිය |
4371 |
|
පුත්තලම |
2591 |
|
බදුල්ල |
5137 |
|
මොණරාගල |
4119 |
|
කෑගල්ල |
4414 |
|
රත්නපුර |
6349 |
|
අනුරාධපුර |
4172 |
|
පොළොන්නරුව |
3218 |
|
අම්පාර |
3811 |
|
ත්රිකුණාමලය |
2468 |
|
මඩකලපුව |
3232 |
|
වවුනියාව |
2692 |
|
යාපනය |
5098 |
|
මන්නාරම |
2870 |
|
මුලතිව් |
1149 |
|
කිලිනොච්චි |
2970 |
ප්රාදේශීය ලේකම් කොට්ඨාස අනුව වෙන් වෙන් වශයෙන් විස්තර අසා තිබෙනවා. එම විස්තරය ඇමුණුමෙහි සඳහන් වෙනවා. මා එය සභාගත* කරනවා.
(iv) 2019 වසරේදී මෙම වැඩසටහන කුඩා හා මධ්ය පරිමාණ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන ලෙස ක්රියාත්මක වේ. මෙයට අමතරව සමෘද්ධි නිෂ්පාදන ආදර්ශ ගම්මාන, අවාරයේ භෝග වගාව, අගය එකතු කළ නිෂ්පාදන ඇති කිරීම, කාබනික භෝග වගාව, ගෙවතු වගා වැඩසටහන් හා ජීවනෝපාය සංවර්ධනයට ඉවහල් වන යටිතල පහසුකම් ඇති කිරීම යන සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එසේම අමාත්යාංශය යටතේ අපනයන ගම්මාන 5,000ක් බිහි කර ජාතික ආදායමට වසරකට ඩොලර් මිලියන 5,000ක් එකතු කිරීමට සැලසුම් කර ඇත.
දැනට සමෘද්ධි ලබන ලක්ෂ 14ක පවුල් සංඛ්යාවක් සහ ඉදිරියේදී සමෘද්ධි ලබා දීමට බලාපොරොත්තු වන තවත් පවුල් 850,000කගේ දායකත්වය ලබාගෙන, ඔවුන් සවිබල ගැන්වීමට රට පුරා ඉදිරි වසර 03දී ව්යාපෘති 50,000ක් දියත් කිරීමට සූදානම් කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks