01

E   |     |  

 දිනය: 2019-02-22   පිළිතුර ලබා දී ඇත 

0120/2019: මහියංගනය පොදු රැස්වීම් ශාලාව : අඩුපාඩු

120/’18

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මහියංගනය පොදු රැස්වීම් ශාලාව ස්ථාපිත කළ වර්ෂය කවරේද;

             (ii)      අද වනවිට එම පොදු රැස්වීම් ශාලාවේ අඩුපාඩු රාශියක් තිබෙන බව දන්නේද;

           (iii)      එසේ නම්, එම අඩුපාඩු ක‍වරේද;

(iv) එම අඩුපාඩු අවම කිරීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-22

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) 1989 වර්ෂය.

(ii) අඩු පාඩු තිබේ.

(iii) ප්‍රමාණවත් තරම් ආසන පහසුකම් නොමැති වීම. (භාවිතයට ගත හැකි, එහෙත් අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පවතින පැරණි යකඩ පුටු 200ක් පමණ ඇත.)

වහලයේ සිවිලිම අලුතින් සකස් කළ යුතු වීම.

යාබද විවේක කාමර අලුත්වැඩියා කළ යුතු වීම.

ශබ්ද විකාශන යන්ත්‍ර නොමැති වීම.

වේදිකාවේ පසුපස සුදු තිරය නැවත සකස් කළ යුතු වීම.

වේදිකාව විවෘත කිරීම සිදු කරනු ලබන රතු පැහැති තිරය විවෘත වීම හා වැසීම අක්‍රීය වීම.

සමහර විදුලි පංකා අක්‍රීයව පැවතීම. (විදුලි පංකා 08ක් අලුතෙන් සවි කළ යුතුය.)

ශාලාවේ බිම, පිවිසුම් පඩිපෙළ සහ කාණු පද්ධතිය අලුත්වැඩියා කළ යුතුය.

වේදිකාවට අවශ්‍ය වන ආ‍ලෝක පද්ධතියක් නොමැති වීම.

වහලය අලුත්වැඩියා කර වැහිපිහිලි හා වැසි ජලය බැස යන නළ අලුතෙන් සවි කළ යුතුව ඇත.

ශාලාවේ ඇතුළත හා පිටත සුදුසු වර්ණයකින් වර්ණාලේප කළ යුතුය.

(iv) මහියංගනය ප්‍රාදේශීය ලේකම් වෙතින් මෙම අඩු පාඩු සකස් කිරීම සඳහා ඇස්තමේන්තුවක් ලබාගෙන අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට කටයුතු කරනු ලැබේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-04-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks