01

E   |     |  

 දිනය: 2019-02-08   පිළිතුර ලබා දී ඇත 

0116/2019: ඌව පළාත් සභාව යටතේ පාලනය වන පාසල් : ගොඩනැඟිලි

116/’18

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ඌව පළාත් සභාව යටතේ පාලනය වන පාසල් කවරේද;

            (ii)       ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එම ධූරයට පත්වීමෙන් අනතුරුව, එම පාසල්වලට පළාත් සභා ප්‍රතිපාදන මත ලබාදුන් ගොඩනැගිලි සංඛ්‍යාව කොපමණද;

(iii) ගොඩනැගිලි ලබාදුන් පාසල්වල නම් හා ලිපිනයන් කවරේද;

(iv) එම ඉදිකිරීම් ලබාදුන් පුද්ගලයන්ගේ හා සමාගම්වල නම් හා ලිපිනයන් කවරේද;

(v) එම ඉදිකිරීම් වෙනුවෙන් පළාත් සභාව වැය කරනු ලැබූ මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-08

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) ඌව පළාත් සභාව යටතේ පාසල් 864ක් පාලනය වේ. එය බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 579ක් හා මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් 285ක් වේ. එම පාසල්වල විස්තර ඇමුණුම් අංක 01 මඟින් දක්වා ඇත.

(ii) වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා 2015 සැප්තැම්බර් මස සිට එම ධුරයට පත්වීමෙන් අනතුරුව ඌව පළාත් සභා ප්‍රතිපාදන මත පාසල් සඳහා ලබා දුන් ගොඩනැඟිලි සංඛ්‍යාව 65කි.

(iii) ගොඩනැඟිලි ලබා දුන් පාසල්වල නම් හා ලිපිනයන් ඇමුණුම් අංක 02 මඟින් දක්වා ඇත.

(iv) එම ඉදිකිරීම් ලබා දුන් පුද්ගලයන්ගේ හා සමාගම්වල නම් ඇමුණුම් අංක 02හි IV මඟින් ද, ලිපිනයන් ඇමුණුම් අංක 02හි V මඟින් ද දක්වා ඇත.

(v) ඉදිකිරීම් වෙනුවෙන් පළාත් සභාව වැය කරනු ලැබූ මුදල් ප්‍රමාණය ඇමුණුම් අංක 02 හි VIII තීරුවෙහි දක්වා ඇත. ඇමුණුම් සභාගත* කරමි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-03-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks