logo

02

E   |     |  

 දිනය: 2019-02-06   පිළිතුර ලබා දී ඇත 

0113/2019: ඌව පළාත් සභාවේ අක්‍රමිකතා: විගණකාධිපතිවරයා‍ගේ වාර්තාව

113/’18

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      ඌව පළාත් සභාව තුළ සිදු වී ඇති සහ සිදුවෙමින් පවතින අක්‍රමිකතා සම්බන්ධව විගණකාධිපතිවරයා‍ගේ අංක SIN/B/AG/KI/2017/02 හා 2017 අප්‍රේල් 20 දින ඌව පළාත් ප්‍රධාන ලේකම් වෙත යවා ඇති විමර්ශන වාර්තාව පිළිබඳ එතුමා දන්නෙහිද?

(ආ) (i) එම වාර්තාවේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදේශකවරුන් පත්කිරීම සම්බන්ධව අනාවරණය කර ඇති අංක 2 (අ) (i) සිට (x) දක්වා කරුණු;

(ii) එම අනාවරණයන්ට අදාළව අංක 2 (අ) (i) සිට (xiii) දක්වා නිරීක්ෂණය කර ඇති කරුණු;

කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-06

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)         (i)       ඔව්. විගණකාධිපතිගේ අංක SIN/B/AG/KI/2017/02 හා 2017 අප්‍රේල් 20 දින ඌව පළාත් ප්‍රධාන ලේකම් වෙත යවා ඇති විමර්ශන වාර්තාවේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදේශකවරුන් පත් කිරීම සම්බන්ධව අනාවරණ  කර ඇත.

                        ඊට අදාළව පාර්ලිමේන්තු ප්‍රශ්නය මඟින් විමසා ඇති අංක 2(අ) (i) සිට (x) දක්වා කරුණු ඇමුණුම් අංක 01 මඟින් දක්වා ඇත. ඇමුණුම 01 සභාගත* කරමි.

(ii) ඔව්. එම උපදේශකවරුන් පත් කිරීම සම්බන්ධ අනාවරණයට අදාළ විගණකාධිපතිගේ නිරීක්ෂණ වාර්තාවේ අංක 2 (අ) (i) සිට (xii) දක්වා පමණක් නිරීක්ෂණ ඉදිරිපත් කර ඇති අතර, එම නිරීක්ෂණ ඇමුණුම් අංක 02 මඟින් දක්වා ඇත. ඇමුණුම 02 සභාගත* කරමි.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-08-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks