පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
95/’18
ගරු දයාසිරි ජයසේකර මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මධ්‍යම රජයට අයත් රෝහල්වලට ඔක්සිජන් වායුව සපයනු ලබන සමාගම් කවරේද;
(ii) ඒ සඳහා මාසිකව වැය කරනු ලබන මුළු මුදල කොපමණද;
(iii) එම සමාගම් විසින් හිඟයකින් තොරව අදාළ සේවාව රෝහල්වලට ලබා දෙන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පළාත් සභාවලට අයත් රෝහල්වලට ඔක්සිජන් වායුව සපයනු ලබන සමාගම් කවරේද;
(ii) පළාත් සභාවලට අයත් රෝහල්වලට ඔක්සිජන් වායුව සැපයීම සඳහා මාසිකව වැය කරනු ලබන මුළු මුදල කොපමණද;
(iii) එම මුදල් සෘජුව පළාත් සභා වෙත මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන්නේද;
(iv) ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව වෙන් කරනු ලබන මුදල කොපමණද;
(v) ඒ සඳහා පළාත් රෝහල්වලට වාර්ෂිකව අවශ්‍ය වන මුදල කොපමණද;
(vi) අදාළ මුදල් නියමිත කාල සීමාව තුළ දී ලැබී තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-22
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ගෑස් වර්ල්ඩ් (පුද්) සමාගම
සිලෝන් ඔක්සිජන් ලිමිටඩ්
(ii) රුපියල් මිලියන 61ක් පමණ වේ.
(iii) ඔව්.
(ආ) (i) ගෑස් වර්ල්ඩ් (පුද්) සමාගම.
සිලෝන් ඔක්සිජන් ලිමිටඩ්.
(ii) රුපියල් මිලියන 22ක් පමණ වේ.
(iii) නැත. වෛද්‍ය සැපයීම් අංශය මඟින් ප්‍රතිපූර්ණය කරනු ලබයි.
(iv) වාර්ෂිකව බිලියන 50ක් පමණ වෛද්‍ය සැපයීම් අංශය වෙත වෛද්‍ය සැපයීම් සඳහා වෙන් කරනු ලබන අතර, එම මුදලින් කොටසක් ඔක්සිජන් වායුව සැපයීම සඳහා යොදවනු ලබයි.
(v) රුපියල් මිලියන 266ක් පමණ වේ.
(vi) ප්‍රමාදවීම් සිදු වුවද ආදළ මුදල් ලැබී ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-10-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks