පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
73/’18
ගරු දයාසිරි ජයසේකර මහතා,— බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය නොරොච්චෝල තාප බලාගාරයෙන් පිටවන අළුවල බලපෑමට ලක්ව තිබේද;
(ii) එසේ නම්, එමඟින් ජය ශ්‍රී මහා බෝධියට සිදු විය හැකි බලපෑම් පිළිබඳ පරික්ෂණ සිදු කර තිබේද;
(iii) එසේ නම්, එම වාර්තාව සභාගත කරන්නේද;
(iv) මේ වනවිට අවදානමක් නොමැති වුවද, ඉදිරියේ දී අවදානම් සහිත තත්ත්වයක් පැන නැගීමේ හැකියාවක් පවතීද;
(v) මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ගනු ලබන පියවර සඳහන් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-07
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයෙන් එවා ඇති වාර්තාවට අනුව නොරොච්චෝලේ තාප බලාගාරයෙන් පිටවන අළුවලින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට බලපෑමක් සිදුවී නොමැත.
(ii) 2018 අගෝස්තු මස 29, 30 හා 31 දිනයන්හිදී කාර්මික තාක්ෂණ ආයතනය (ITI) විසින් අදාළ පරීක්ෂණ සිදුකර ඇත.
(iii) ඔව්. අදාළ වාර්තාව සභාගත** කරමි.
(iv) ලක්විජය විදුලි බලාගාරයේ ESP පද්ධති මඟින් පිටාර වායුවෙහි අඩංගු වන අළුවලින් සියයට 99ක්ම ඉවත් කර ගන්නා බැවින් ඉදිරියේදී එවැනි අවදානමක් ඇති වීමේ හැකියාවක් නොමැති අතර මෙම වර්ෂයේදීද අදාළ පරීක්ෂණ සිදු කිරීම සඳහා පියවර ගෙන ඇත.
(v) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks