පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
69/’18
ගරු දයාසිරි ජයසේකර මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා සීමාසහිත ලංකා සතොස ආයතනය විසින් ආනයනය කරන ලද සහල් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව කොපමණද;
(ii) එම සහල් ආනයනය කරන ලද මිල ගණන් සඳහන් කරන්නේද;
(iii) එම සහල් තොග වෙළෙඳපොළට නිකුත් කළ ආකාරය කවරේද;
(iv) 2015 වර්ෂයේ සිට මේ දක්වා වාර්ෂිකව වෙළෙඳපොළට නිකුත් කළ ප්‍රමාණයන් සහ මිල ගණන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) 2017 සහ 2018 වර්ෂවලදී ලක් සතොස මඟින් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා ලද සහල් ප්‍රමාණය කොපමණද;
(vi) එම සහල් කිලෝ එකක් සඳහා ගෙවන ලද මුදල කොපමණද;
(vii) එම සහල් මිලදී ගන්නා ලද ව්‍යාපාරික ආයතන කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-21
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2015 - මෙට්‍රික්ටොන් 81,089 (පොන්නි සහල්)
2016 - ආනයනය කර නැත.
2017 - ආනයනය කර නැත.
2018 - ආනයනය කර නැත.
(ii) US$ 488.00 (මෙට්‍රික්ටොන් එකක් සඳහා)
(iii) ලංකා සතොස අළෙවිසැල් හරහා වෙළඳ පොළට නිකුත් කර ඇත.
(iv) පහත සඳහන් ආකාරයට වෙළඳ පොළට සහල් නිකුත් කර ඇත.
2015 - මෙට්‍රික්ටොන් 10,539
2016 - මෙට්‍රික්ටොන් 482
2015 සහ 2016 වසරවලදී පොන්නි සහල් විකුණන ලද අතර, කිලෝග්‍රෑම් 1ක මිල පහත පරිදි වේ.
2015 - රුපියල් 60.00
2016 - රුපියල් 60.00
(v) මිලදී ගත් මුළු සහල් ප්‍රමාණය 2017 මෙට්‍රික්ටොන් 47,776
2018 මෙට්‍රික්ටොන් 19,796
(vi)
සහල් වර්ගය
2017
2018
ගැනුම් මිල (කිලෝ රුපියල්)
බාස්මති සහල්
109.00 - 130.00
108.75 - 144.50
කැඩුණු සහල්
54.50 - 58.50
52.40 - 83.00
කීරි සම්බා
89.00 - 111.90
103.70 - 112.50
ආනයනික නාඩු සහල්
64.85 - 72.00
රතු නාඩු සහල්
74.00 - 89.00
රතු කැකුළු සහල්
68.90 - 77.50
රතු කැකුළු සම්බා සහල්
77.90 - 87.90
ආනයනික සම්බා සහල්
69.00 - 80.00
85.00 - 93.37
දේශීය සම්බා සහල්
81.25 - 91.00
95.50 - 103.00
දේශීය සුදු කැකුළු සහල්
78.00
61.00 - 73.00
ආනයනික සුදු කැකුළු සහල්
55.90 - 74.00
55.88 - 63.25
සුදු කැකුළු සම්බා සහල්
73.50 - 97.80
91.85 - 102.50
සම්බා සහල් 5 kg (බෑග්)
87.00 - 125.00
106.00 - 112.00
නාඩු සහල් 5 kg (බෑග්)
78.00 - 96.00
සුදු කැකුළු සහල් 5 kg (බෑග්)
76.00 - 95.00
85.00 - 95.00
රතු කැකුළු සහල් 5 kg (බෑග්)
76.00 - 95.00
82.00 - 95.00
කීරි සම්බා සහල් 5 kg (බෑග්)
120.00 - 125.00
122.00 - 127.00
(vii) ඇමුණුමෙහි** දක්වා ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks