04

E   |     |  

 දිනය: 2019-02-20   පිළිතුර ලබා දී ඇත 

0068/2019: පුරාවිද්‍යා ස්ථානවල සේවකයන්: විස්තර

68/’18

ගරු දයාසිරි ජයසේකර මහතා,— නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන පුරාවිද්‍යාත්මක ස්ථාන සංඛ්‍යාව කොපමණද;

              (ii)      එම ස්ථානවල නම් එක් එක් දිස්ත්‍රික්කය අනුව සඳහන් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) එම ස්ථාන සඳහා 2015 වර්ෂයේ සිට බඳවා ගත්,

(i) ස්ථීර සේවකයන් සංඛ්‍යාව;

(ii) අනියම් සේවකයන් සංඛ්‍යාව;

(iii) කොන්ත්‍රාත් පදනමට අයත් සේවකයන් සංඛ්‍යාව;

(iv) අනියම් සේවකයන්ගෙන් ස්ථීර සේවයට ඇතුළත් කරගන්නා ලද සේවකයන් සංඛ්‍යාව;

(v) කොන්ත්‍රාත් පදනමට අයත් සේවකයන්ගෙන් ස්ථීර සේවයට ඇතුළත් කර ගන්නා ලද  සේවකයන් සංඛ්‍යාව;

එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මෙම බඳවාගැනීම් රජය  පිළිගත් ක්‍රමවේදයන්ට අනුව  සිදුකර තිබේද;

 

(ii) මේ වනවිට පවතින සේවක පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න තවදුරටත්  එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-20

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      4,889කි. ඇමුණුම අංක 01හි* දක්වා ඇත.  

              (ii)      ඔව්. ඇමුණුම අංක 02  (A - Y)හි* දැක්වේ.

(ආ)         (i)      479.  ඇමුණුම අංක 03හි* දක්වා ඇත.

              (ii)      නැත.

            (iii)      02කි.  ඇමුණුම අංක 03හි* දක්වා ඇත.

                        එහෙත්, මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් සේවකයන් 1,398 පුරාවිද්‍යා ස්ථානවලට අනුයුක්ත කර සේවය ලබා ගැනීමට කටයුතු කර ඇත.

(iv) අදාළ නැත.

(v) නැත.

(ඇ) (i) ඔව්.

(ii) ඔව්.

ඇමුණුම 04හි* දක්වා ඇත.

(ඈ) අදාළ නොව්.

 

අදාළ ඇමුණුම සභාගත* කරමි.

පිළිතුරු දුන් දිනය

2019-08-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks