04

E   |     |  

 දිනය: 2019-02-08   පිළිතුර ලබා දී ඇත 

0067/2019: Taxes on Gold

67/’18

ගරු දයාසිරි ජයසේකර මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      2015 වර්ෂයේ සිට මේ දක්වා,

              (i)       ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද රත්‍රං ප්‍රමාණය සහ එම රත්‍රංවල වටිනාකම;

            (ii)       එම රත්‍රංවලින් ආභරණ නිපදවීම සඳහා දේශීය නිෂ්පාදකයන් වෙත ලබාදී ඇති ප්‍රමාණය;   

      (iii) අපනයනය කරන ලද රත්‍රං ප්‍රමාණය;

     (iv) වාර්ෂික අපනයන වටිනාකම;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මේ වනවිට හඳුනාගෙන ඇති රත්‍රං කර්මාන්තයේ යෙදන දේශීය ව්‍යවසායකයන් සංඛ්‍යාව කොපමණද;

(ii) 2015 වර්ෂයේ සිට මේ දක්වා රත්‍රං මත පන‍වා ඇති බදු වර්ග කවරේද;

(iii) එසේ පනවා ඇති ආනයන බදුවල වාර්ෂික ප්‍රතිශතයන් කවරේද;

(iv) දේශීය රන් කර්මාන්තය ආරක්‍ෂා කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහන් කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-08

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks