01

E   |     |  

 දිනය: 2019-07-10   පිළිතුර ලබා දී ඇත 

0040/2019: ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ මැතිවරණ ප්‍රචාරක පුවරුවක් ප්‍රදර්ශනය: පරීක්ෂණ කඩිනම් කිරීම

40/’18

ගරු හේෂා විතානගේ මහතා,—  අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2015 ජනාධිපතිවරණ සමයේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ විශාල ප්‍රමාණයේ (අඩි 20x30) මැතිවරණ ප්‍රචාරක පුවරුවක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණය මෙතෙක් අවසන් නොවීමට හේතු කවරේද;

(ii) මෙම පරීක්ෂණ කඩිනම් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(iii) රාජ්‍ය ආයතන තුළ මැතිවරණ ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කිරීම වැනි දූෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් පරීක්ෂණ ඉදිරියේදීත් මන්දගාමීව සිදු වීම වළක්වාලීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-10

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)         පරීක්ෂණයක් එම කාලය තුළ සිදු කර ඇත.

 

(අ)          (i)      එවැනි පරීක්ෂණයක් කලින් සිදු කරලා තිබෙනවා. එහි යම් ප්‍රමාද දෝෂයක් සිදු වී තිබෙනවා. ඒ ගැන ඉක්මනින් පියවර ගැනීමට -

(ii) එම පරීක්ෂණය සති දෙකක් ඇතුළත අවසන් කරලා වර්තාව සැපයීමට බලාපොරොත්තු වෙනවා.

             (iii)      ඒ සඳහා මන්දගාමිව කටයුතු කරන නිලධාරින්ට විරුද්ධව ක්‍රියා කිරීමට අපේක්ෂා කරනවා.

(ආ)     අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks