01

E   |     |  

 දිනය: 2019-05-22   පිළිතුර ලබා දී ඇත 

0032/2019: පොලිස් කොස්තාපල්වරු: උසස්වීම්

32/’18

ගරු හේෂා විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ මේ වනවිට වර්ෂ 10ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති පොලිස් කොස්තාපල්වරුන් සංඛ්‍යාව කොපමණද;

(ii) පොලිස් සැරයන් නිලයට පත්කිරීමේදී දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය කවරේද;

(iii) ඉහත (i)හි සඳහන් කොස්තාපල්වරුන් අතරින් සැරයන් නිලයට උසස්වීම් ලැබීමට සුදුසුකම් සපුරා ඇති කොස්තාපල්වරුන්  සංඛ්‍යාව ‍කොපමණද;

(iv) සුදුසුකම් සපුරා ඇතත්, උසස්වීම් නොලැබුණු පොලිස් කොස්තාපල්වරුන්ට උසස්වීම් ලබාදීමට ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-22

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       30,719 යි.

              (ii)      කුසලතාව පදනම මත සම්මුඛ පරීක්ෂණ පවත්වා පවතින පුරප්පාඩු අනුව සුදුසුකම් ලැබූ පොලිස් කොස්තාපල්වරුන් පොලිස් සැරයන් තනතුරට උසස් කිරීම දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය වේ.

             (iii)‍      30,719 යි.

             (iv)‍       ශ්‍රී ලංකා පොලීසියෙහි සියලු නිලයන් සඳහා බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටි සකස් කිරීමට විද්වත් කමිටුවක් පත් කර ඇත. එම කමිටුව මඟින් සකස් කරනු ලබන ක්‍රමවේද සහ නිර්ණායක ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට ඉදිරිපත් කරන අතර, එකී කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු අදාළ නිර්ණායක හා ක්‍රමවේද ක්‍රියාත්මක කළ හැකිය.

ඊට අමතරව එක් වරකට පමණක් ක්‍රියාත්මක වන පිළියමක් ලෙස වසර 12ක් හෝ ඊට වැඩි සක්‍රිය සේවා කාලයක් සපුරා ඇති පොලිස් කොස්තාපල් තනතුර දරන නිලධාරින් පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමට අදාළ යෝජනාවලියක් සම්බන්ධව කටයුතු කරමින් පවතී.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-08-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රුවන් විජයවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks