04

E   |     |  

 දිනය: 2019-03-15   පිළිතුර ලබා දී ඇත 

0019/2019: ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව: විස්තර

 19/’18

ගරු හේෂා විතානගේ මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ආරම්භයේ සිට මේ දක්වා,

              (i)       යොදවන ලද සමස්ත ප්‍රාග්ධන හා සංචිත ප්‍රමාණය;

            (ii)       කොටස් මත ලද ආදායම සහ වත්කම් මත ලද ආදායම් ප්‍රමාණය;

            (iii)       සමස්ත සේවක සංඛ්‍යාව සහ එක් සේවකයකු වෙනුවෙන් වැය කළ මුළු මුදල් ප්‍රමාණය;

(iv) පුනරාවර්තන නොවන වියදම;

(v) බදු ලෙස රජයට ගෙවන ලද මුදල් ප්‍රමාණය;

(vi) ලාභය හෝ අලාභය;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ඉහත තොරතුරු පෞද්ගලික අංශයේ බැංකු ආයතනයක් හා සංසන්දනාත්මකව කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-15

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      2006 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා යොදවන ලද සමස්ත ප්‍රාග්ධන හා සංචිත ප්‍රමාණය ඇමුණුමෙහි* දක්වා ඇත.

              (ii)      ඉහත කාල සීමාවට අදාළව කොටස් මත ලද ආදායම සහ වත්කම් මත ලද ආදායම ඇමුණුමෙහි දක්වා ඇත.

              (iii)      සමස්ත සේවක සංඛ්‍යාව සහ එක් සේවකයෙකු වෙනුවෙන් වැය කළ මුළු මුදල් ප්‍රමාණය ඇමුණුමෙහි දක්වා ඇත.

              (iv)      පුනරාවර්තන නොවන වියදම ඇමුණුමෙහි දක්වා ඇත.

(v) බදු ලෙස රජයට ගෙවන ලද මුදල් ප්‍රමාණය ඇමුණුමෙහි දක්වා ඇත.

(vi) බැංකුව විසින් ලබන ලද ලාභය ඇමුණුමෙහි දක්වා ඇත.

(ආ) ඉහත තොරතුරු පෞද්ගලික අංශයේ බැංකු ආයතනයක් සමඟ සංසන්දනය කිරීමට හැකියාවක් නොමැත.

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2019-08-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks