පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
13/’18
ගරු හේෂා විතානගේ මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාසයේ, දොඹගස්වත්ත නමැති දුෂ්කර ගම්මානයේ දැඩි පානීය ජල ගැටලුවක් පවතින බව දන්නේද;
(ii) එම ජනතාවට පානීය ජලය ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-08
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්. පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාසයේ දොඹගස්හින්න ගම්මානයේ පානීය ජල ගැටලුවක් පවතී.
(ii) එම ගම්මානයේ පවුල් 540ක් ජීවත් වේ. එයින් පැල්මඩුල්ල ජල සම්පාදන ක්‍රමයේ තාක්ෂණ හැකියාව අනුව පවුල් 40කට ජල සම්බන්ධතා එම ජල සම්පාදන ක්‍රමයෙන් ලබා දී ඇත.
තවත් පවුල් 345ක් සඳහා ප්‍රජා ජල හා සනීපාරක්ෂක වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් ජල ව්‍යාපෘතියක් ඉදි කරමින් පවතින අතර, මාර්තු මාසයේ අවසාන භාගයේදී පමණ ඉදිකිරීම් නිම කිරීමට කටයුතු කරමින් පවතී. ඉතිරි පවුල් සඳහා ඔවුන්ගේ පෞද්ගලික ජල ප්‍රභව මඟින් පානීය ජල අවශ්‍යතාව සපුරා ගනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks