පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
10/’18
ගරු හේෂා විතානගේ මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතිය සුහුරු පද්ධතියක් (Smart Grid) බවට පත් කිරීම පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(ii) සුහුරු පද්ධතියක් සඳහා මාර්ග සිතියමක් (Road Map to Smart Grid) සකස් කිරීමට පියවර ගෙන තිබේද;
(iii) එම වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය පිළිබඳව සෑහීමකට පත් වන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-22
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම සතු ජාතික විදුලි පද්ධතිය සුහුරු පද්ධතියකට පරිවර්තනය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී ඇත.
ජාතික පද්ධතිය සුහුරු පද්ධතියක් බවට පරිවර්තනය කිරීම සඳහා වූ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ හා ලංකා විදුලි පෞද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ගෙන් සමන්විත කමිටුවක් 2017.11.28වන දින පත් කර ඇත.
එම කමිටුව මේ වන විට ඔවුන්ගේ යෝජනා බාර දී ඇත.
(ii) 'මාර්ග සිතියම' දැනටමත් සකස් කර ඇත. (ඇමුණුම 01) ඉහත වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම කටයුතු කරනු ලබයි. (ඇමුණුම 02 සහ 03)
(iii) ඔව්. ඒ සඳහා දැනටමත් ප්‍රධාන පියවර කිහිපයක් ගෙන ඇත.
1. ව්‍යාපාර සම්පත් කළමනාකරණ (ERP) පද්ධතියක් සඳහා දැනටමත් යෝජනාව සඳහා වන ඉල්ලීම (RFP) කැඳවීමට කටයුතු සූදානම් කර ඇත.
2. ප්‍රංශ රජයේ AFD ආයතනයේ ආධාර යටතේ සුහුරු මනු ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සවි කිරීම සඳහා සැලසුම් කරගෙන යනු ලැබේ.
3. දෙහිවල හා ශ්‍රී ජයවර්ධනපුර වැනි විදුලි බලශක්තිය අධිකව පරිභෝජනය වන ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු බල ප්‍රදේශ සඳහා සුහුුරු මනු සවි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇත.
4. රටේ බලශක්ති අවශ්‍යතාවෙන් 36%ක් පමණ තොග සැපයුම් පාරිභෝගිකයන් පරිභෝජනය කරන බැවින් ඔවුන් සඳහා සුහුරු මනු සහ නවීනතම සන්නිවේදන ක්‍රමවේදයක් භාවිත කිරීමට පියවර ගෙන ඇත.
5. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 15/1536/727/009 හා 2015.11.05 දරන අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව ලංකා විදුලිබල මණ්ඩලය හා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සහයෝගිතාවෙන් දේශීය වෙළෙඳ පොළ සඳහා සුහුරු මනු නිෂ්පාදනය කිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. (ඇමුණුම 04)
ඇමුණුම් සභාගත* කරමි.
6. වර්ෂ 2017 සිට මේ දක්වා කාලය තුළ ඇන්ටෙ ලෙකෝ ආයතනය සුහුරු මනු 40,000ක් නිෂ්පාදනය කර බාර දී ඇත.
7. ලෙකෝ ආයතනය විසින් පහත නියමු ව්‍යාපෘති නිම කර ඇත.
Radio mesh for remote meter reading
GPRS remote meter reading
8. පෙර ගෙවුම් මනු ස්ථාපිත කිරීමට අදාළව ලෙකෝ ආයතනය, ඩයලොග් ආයතනය හා මොරටුව විශ්වවිද්‍යාලයේ සහයෝගිතාවෙන් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-02-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks