04

E   |     |  

 දිනය: 2019-02-22   පිළිතුර ලබා දී ඇත 

0009/2019: රැකියා විරහිත උපාධිධාරීන්: සබරගමුව පළාත

9/’18

ගරු හේෂා විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      දැනට සබරගමුව පළාතේ සිටින රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද;

             (ii)      ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව එම සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව මේ දක්වා සබරගමුව පළාත තුළ රැකියා ලබා දී ඇති උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද;

(iv) සෙසු රැකියා විරහිත උපාධිධාරීන්ටද රජයේ හා පෞද්ගලික අංශයේ රැකියා ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-22

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) සබරගමුව පළාත් සභාව වෙත 2015 සිට මේ දක්වා ලබා දී ඇති තොරතුරු අනුව රැකියා විරහිත උපාධිධාරින් සංඛ්‍යාව 6,695ක් වෙති. (හයදහස් හයසිය අනූපහකි.)

(ii) ඇමුණුම සභාගත* කරමි.

(iii) 3,959කි. (තුන්දහස් නවසිය පණස් නවයකි.)

(iv) අවස්ථානුකූල ලෙස රජය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ අනුව රැකියා අවස්ථා ලබා දීමට කටයුතු කරමි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-02-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks