04

E   |     |  

 දිනය: 2019-02-07   පිළිතුර ලබා දී ඇත 

0003/2019: රෝහල් සහ දේශීය වෛද්‍ය මධ්‍යස්ථාන: සබරගමුව පළාත් සභාව

3/’18

ගරු හේෂා විතානගේ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       සබරගමුව පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් සහ දේශීය වෛද්‍ය මධ්‍යස්ථානවල නම් හා ලිපිනයන් කවරේද;

            (ii)       එම එක් එක් රෝහලේ සේවයේ නියුතු සේවක සංඛ්‍යාව, තනතුරු නාමය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) 2010 වර්ෂයේ සිට අද දක්වා මෙම රෝහල් සංවර්ධනය කිරීමට පළාත් සභාව ගෙන ඇති පියවර කවරේද;

(iv) යහපාලන රජය යටතේ ඉදිරියේදී රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය දියුණු කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-07

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) ඇමුණුම 01හි සඳහන්ව තිබෙනවා. [බාධා කිරීම්]

(ii) ඇමුණුම 02හි සඳහන්ව තිබෙනවා.

එම ඇමුණුම් මම සභාගත* කරනවා. [බාධා කිරීම්]

ගරු කථානායකතුමනි, (අ) (iii) පිළිතුර- [බාධා කිරීම්]

පිළිතුරු දුන් දිනය

2019-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks