01

E   |     |  

 දිනය: 2010-12-10   පිළිතුර ලබා දී ඇත 

0697/2010: Pension Scheme for Farmers

0697/’10 ගරු බුද්ධික පතිරණ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ගොවි ජනතාවගේ ජීවන තත්වය සුරක්ෂිත කිරීම සදහා ක්‍රියාත්මක කර ඇති ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව එතුමා දන්නෙහිද? (ආ) (i) දැනට ගොවි විශ්‍රාම වැටුප් ලබන පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද; (ii) ගොවි ජනතාව ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක කර ගනු ලබන ක්‍රමවේදය කවරේද; (iii) ගොවි විශ්‍රාම වැටුප වශයෙන් මාසයකට එක් පුද්ගලයෙකුට ලබා දෙන මුදල කොපමණද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඇ) දැනට ලැබෙන ගොවි විශ්‍රාම වැටුප පවතින ජීවන වියදම් තත්වය අනුව ප්‍රමාණවත් බව එතුමා පිළිගන්නෙහිද? (ඈ) (i) දැනට ලබා දෙන ගොවි විශ්‍රාම වැටුප වර්තමාන ජීවන වියදම් තත්වයට ගැලපෙන අයුරින් වැඩි කිරීම සඳහා කටයුතු කරන්නේද; (ii) එසේ නම්, ගොවි විශ්‍රාම වැටුප වැඩි කරනු ලබන මුදල කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2010-12-10

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks