01

E   |     |  

 දිනය: 2010-12-02   පිළිතුර ලබා දී ඇත 

0695/2010: J.P s in Matara District

0695/’10 3. ගරු බුද්ධික පතිරණ මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) 1980 වර්ෂයේ සිට මේ දක්වා මාතර දිස්ත්‍රික්කය තුළ සාම විනිසුරු පත්වීම්ලාභීන්ගේ සංඛ්‍යාව කොපමණද; (ii) එම පත්වීම්වලින් මාතර අධිකරණ බල ප්‍රදේශයට පමණක් පත්කළ සහ මුළු දිවයිනටම බලපාන පරිදි පත්කළ පත්වීම් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; (iii) මාතර දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 1980 වර්ෂයේ සිට මේ දක්වා සාම විනිසුරු තනතුරු ලැබූ අයගේ නම් සහ ලිපිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද; යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2010-12-02

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks