01

E   |     |  

 දිනය: 2018-10-25   පිළිතුර ලබා දී ඇත 

1152/2018: Repairing the road from Agaliya-Mulkada Bridge to Nagoda Baddegama main road

1152/’18

ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වැලිවිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිට බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සම්බන්ධ වන අගලිය මුල්කඩ යා කිරීම සඳහා විශාල මුදලක් වැය කර පාලමක් ඉදිකර ඇති බව දන්නේද;

(ii) මෙම පාලමේ සිට නාගොඩ බද්දේගම ප්‍රධාන මාර්ගය තෙක් දිවෙන පාර සකස් නොකිරීමෙන් මගී ජනතාව දුෂ්කරතාවයට පත්වී ඇති බව පිළිගන්නේද;

(iii) මෙම මාර්ගය සකස් කරන මෙන් ඉල්ලා මා විසින් 2016 හා 2017 වර්ෂවල ඇස්තමේන්තු සහිතව ඉල්ලීම් ඉදිරිපත් කළ නමුත්, මේ දක්වා ප්‍රතිපාදන නොලැබුණු බව දන්නේද;

(iv) 2018 වර්ෂයේදී මෙම මාර්ගය ඉදිකිරීම සඳහා ඔබ අමාත්‍යාංශය යටතේ මුදල් වෙන් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-10-25

අසන ලද්දේ

ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks