01

E   |     |  

 දිනය: 2018-07-20   පිළිතුර ලබා දී ඇත 

1127/2018: Granting of Scholarships for Grade 5 students

1127/’18

ගරු නිහාල් ගලප්පත්ති මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2016 වර්ෂයේදී පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සියලුම ශිෂ්‍යයන්ට ශිෂ්‍යාධාර මුදල් ලබාදෙන්නේද;

            (ii)       එක් ශිෂ්‍යයෙකුට මසකට ලබාදෙන ශිෂ්‍යාධාර මුදල කොපමණද;

           (iii)       ශිෂ්‍යාධාර ලබාදීම සඳහා මසකට වැයවන මුළු මුදල කොපමණද;

(iv) 2016 වර්ෂයට අදාළ ශිෂ්‍යාධාර මුදල් ගෙවා තිබේද;

(v) 2017 වර්ෂයේ කවර මාසය දක්වා ශිෂ්‍යාධාර මුදල් ගෙවා තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශිෂ්‍යාධාර මුදල් ලබාගැනීම සඳහා පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වීමට අමතරව වෙනත් සුදුසුකම් අවශ්‍ය වන්නේද;

(ii) එසේ නම්, එම සුදුසුකම් කවරේද;

(iii) එම සුදුසුකම්වලට අදාළ නිර්ණායක සකස් කර ඇති වර්ෂය කවරේද;

(iv) අතිරේක සුදුසුකම් නොසළකා පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් ශිෂ්‍යයන් සියලු දෙනාට ශිෂ්‍යාධාර මුදල් ලබාදීමට කටයුතු කරන්නේද;

(v) එසේ නම්, එම දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-20

අසන ලද්දේ

ගරු නිහාල් ගලප්පත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks