01

E   |     |  

 දිනය: 2018-09-06   පිළිතුර ලබා දී ඇත 

1125/2018: ETI deposit money to be given back to depositors

1125/’18

ගරු විමල් වීරවංශ මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) නමින් හැඳින්වෙන මූල්‍ය සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි, එහි අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මූල්‍ය සමාගමක් වන්නේද;

            (ii)       එම මූල්‍ය සමාගම විසින් තැන්පතු මුදල් නිසි පරිදි ආපසු නොගෙවීමේ හේතුවෙන් තැන්පතු හිමියන් බලවත් අපහසුතාවලට ලක්වී ඇති බව දන්නේද;

(iii) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ‍ නොමැති මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් නොකරන ලෙස රජයෙන් ලබාදුන් උපදෙස් අනුව යමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය ය‍ටතේ තිබූ ආයතනයක මුදල් තැන්පත් කළ ETI තැන්පත්කරුවන්ගේ  මුදල් නැවත ලබාදීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ කවරේද;

(iv) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ඇති අනිකුත් මූල්‍ය ආයතන තැන්පත්කරුවන්ට මෙවැනි ගැටලු ඇතිවීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, එ මන්ද?

 

අසන ලද දිනය

2018-09-06

අසන ලද්දේ

ගරු විමල් වීරවංශ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks