01

E   |     |  

 දිනය: 2018-10-12   පිළිතුර ලබා දී ඇත 

1117/2018: Pricing formula for fuel

1117/’18

ගරු දයාසිරි ජයසේකර මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ඉන්ධන මිල උච්ඡාවචනය වනවිට පොදු මගී ප්‍රවාහන සේවාවන්වල ගමන් ගාස්තුද උච්ඡාවචනය වන ලෙස මිල සූත්‍රයක් හදුන්වා දී තිබේද;

              (ii)      එසේ නම්, එම මිල සූත්‍රය හඳුන්වා දුන් වර්ෂය කවරේද;

             (iii)      එම මිල සූත්‍රය ඉදිරිපත් කරන්නේද;

(iv) පොදු මගී සේවාවන්ට සම්බන්ධ සංගම්/මණ්ඩල වෙත එම මිල සූත්‍රය පිළිබද පැහැදිලි දැනුවත් කිරීම් සිදුකර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉන්ධන මිල උච්ඡාවචනය වන අවස්ථාවල දී එම මිල සූත්‍රයට අනුව පොදු ප්‍රවාහන ගාස්තු අඩු වැඩි කර තිබේද;

(ii) එසේ නම්, එම අවස්ථා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නේද;

(iii) මිල සූත්‍රයක් හඳුන්වා දී නොමැති නම්, ඉදිරියේදී ඒ සඳහා කටයුතු කරන්නේද;

(iv) මිල සූත්‍රයක් හඳුන්වා දීමට අපේක්ෂිත දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-10-12

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks