04

E   |     |  

 දිනය: 2018-08-24   පිළිතුර ලබා දී ඇත 

0966/2018: Appointment for Ms. RKS Prasanga cancelled by Secretary to Ministry of Home Affairs

966/’18

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරි (III වැනි ශ්‍රේණිය) තනතුර සඳහා 2016.12.31 දින තරඟ විභාගයක් පවත්වා 2017.03.13 සහ 14 දෙදින තුළ සම්මුඛ පරීක්ෂණද පවත්වා, 2017.06.09 දින බඳවාගැනීම් සිදු කර තිබේද;

(ii) ඒ අනුව, ආර්. කේ. එස්. ප්‍රසංගා මෙනෙවියට මාතර ප්‍රදේශයට පත්වීමක් ලබා දී මාස 2ක වැටුප් ගෙවීමෙන් අනතුරුව, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ 2017.07.31 දිනැති ලිපිය මඟින් එම පත්වීම අවලංගු කිරීමට හේතු කවරේද;

(iii) එම කරුණු පත්වීම ලබාදෙන ලද අවස්ථාවේදී සළකා නොබැලුවේ මන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-08-24

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks