පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0634/’10
ගරු අනුර දිසානායක මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2010.08.01 වන විට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් සිදුකරනු ලැබූ නව බඳවා ගැනීම් කවරේද;
(ii) ජනසභා ලේකම් තනතුරට බඳවා ගැනීම ඊට අන්තර්ගත වන්නේද;
(iii) එම තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම් කවරේද;
(iv) ජනසභා ලේකම් තනතුරු සඳහා බඳවා ගන්නා සංඛ්‍යාව කොපමණද;
(v) මේ වන විට දැන්වීම් ප්‍රසිද්ධකර, සම්මුඛ පරීක්ෂණ කැඳවා තිබේද;
(vi) එසේ නම්, සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වූ සංඛ්‍යාව කොපමණද;
(vii) එයින් බඳවා ගනු ලබන සංඛ්‍යාව කොපමණද;
(viii) එම බඳවා ගැනීම් ආරම්භ කරන හා අවසන් කරන දිනයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මෙම නව තනතුරු සඳහා අදාළ අමාත්‍යංශයේ අයවැය ඇස්තමේන්තු මගින් වෙන් කර ඇති මුදල කවරේද;
(ii) මුදල් වෙන්කොට නොමැති නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-11-26
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks