01

E   |     |  

 දිනය: 2010-11-25   පිළිතුර ලබා දී ඇත 

0630/2010: Oil excavating in Mannar

0630/’10

ගරු අනුර දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2010.07.20 වැනි දින වන විට මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ලිං කැණීමේ               කටයුතුවල තත්වය කවරේද;

            (ii)      ඉන්දියාවේ කෙයාර්න් සමාගම සමග ඇති කරගත් තෙල් ලිං කැණීම සඳහා වන ගිවිසුම කුමක්ද;

        (iii) එම ගිවිසුමට අනුව ගවේෂණය කළ මුළු භූමියෙන් කෙයාර්න් සමාගමට ලබාදුන් භූමි ප්‍රමාණය කවරේද;

         (iv) එකී ගිවිසුමට අනුව එම සමාගම කැණීම් අවසන් කළ යුතු දිනය කවරේද;

         (v) නියමිත දිනට කැණීම් කටයුතු අවසන් නොකරන්නේ නම්, ගිවිසුමට අනුව ගන්නා ක්‍රියා මාර්ගය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කැණීම් කටයුතු සිදුකරන කොන්ත්‍රාත් සමාගමේ ගිණුම් කටයුතු ලංකා රජය යටතේ සිදුකරන්නේද;

(ii) එසේ නම්, අදාළ ගිවිසුමට එළඹි දිනයේ සිට 2010.07.20 වන දිනට ගිණුම් වාර්තා සභාවට ඉදිරිපත් කරන්නේද;

        (iii) එකී ගිණුම් වාර්තා සමාලෝචනය සඳහා ලංකාවේ වගකියන ආයතනයක් තිබේද;

         (iv) එසේ නම්, එහි නම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-11-25

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks