01

E   |     |  

 දිනය: 2010-11-10   පිළිතුර ලබා දී ඇත 

0613/2010: Expansion of Refinery at Sapugaskanda

0613/’10

ගරු    (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය කොපමණද;

             (ii)      එම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන්නේ ණය පහසුකම් යටතේද; ප්‍රදාන යටතේද;

(iii) එම ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්‍ෂිත වර්ෂය කවරේද;

(iv) උක්ත ව්‍යාපෘතිය අවසානයේදී ඉහළ නැංවීමට අපේක්‍ෂිත දෛනික තෙල් පිරිපහදු ධාරිතාවය  බොර තෙල් බැරල් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට යෝජිතව තිබේද;

(ii) එසේ නම්, එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අපේක්‍ෂිත වර්ෂය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-11-10

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks