01

E   |     |  

 දිනය: 2018-08-08   පිළිතුර ලබා දී ඇත 

0610/2018: Rates of Water supply

610/’18

ගරු දයාසිරි ජයසේකර මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ගෘහස්ථ ජල ඒකකයක් සඳහා මේ වනවිට අය කරනු ලබන රජයේ අනුමත මුදල කොපමණද;

             (ii)      2015 වර්ෂයේ සිට මේ දක්වා ජල ගාස්තු සංශෝධනය කළ අවස්ථා සංඛ්‍යාව කොපමණද;

(iii) එම එක් එක් අවස්ථාවට අදාළව සංශෝධිත මිළ ගණන් සඳහන් කරන්නේද; 

(iv) අවසන් වරට ජල ඒකකයක් සඳහා අය කරන ලද ගාස්තුව සංශෝධනය කළ දිනය සහ එම අවස්ථාවේදී වැඩි කළ හෝ අඩු කළ මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

  (ආ) (i) පසුගිය වර්ෂයේදී ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ලබා ඇති ලාභය කොපමණද;

(ii) ඉදිරියේදී ජල ගාස්තු වැඩි කිරීමට රජය තීරණය කර තිබේද;

(iii) එසේ නම්, ගාස්තු වැඩි කිරීමේ ක්‍රමවේදය කවරේද;

(iv) ජල ගාස්තු වැඩි කරන්නේ නම්, එයට හේතු සඳහන් කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

  (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-08-08

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම් හා ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks