01

E   |     |  

 දිනය: 2018-07-18   පිළිතුර ලබා දී ඇත 

0608/2018: taking over Samurdhi bank to Central Bank

608/’18

ගරු දයාසිරි ජයසේකර මහතා,— සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       අද වනවිට සමෘද්ධි බැංකුව සතු වත්කම් ප්‍රමාණය කොපමණද;

            (ii)      දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු සංඛ්‍යාව සහ සමෘද්ධි මහා සංගම් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (iii)       සියලුම සමෘද්ධි සංගම් සතුව දැනට තිබෙන වත්කම් ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2018 මැයි දින සැමරුමේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ පරිදි සමෘද්ධි (දිවිනැගුම) බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පවරා ගන්නේද;

(ii) 2013 අංක 1 දරන දිවිනැගුම පනතට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිදහස් කර ඇති එම බැංකුව යළි පවරා ගැනීමට හැකියාවක් පවතීද;

(iii) එසේ පවරා ගන්නේ නම්, එයට හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-18

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks