පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
595/’18
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උතුරු මැද, නැගෙනහිර පළාත්වල ව්‍යාප්තව පවතින වකුගඩු රෝගී තත්ත්වය හඳුනාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සිදුකෙරෙමින් පවතින පර්යේෂණ සංඛ්‍යාව කොපමණද;
(ii) එම පර්යේෂණ සිදු කරනු ලබන ආයතන සහ පර්යේෂකයන්ගේ නම් කවරේද;
(iii) එම පර්යේෂණවල නිගමන ලැබීමට නියමිතව ඇති දිනය කවරේද;
(iv) එම පර්යේෂණ සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වකුගඩු රෝගයට ගොදුරුවූවන්ට ලබා දෙන ප්‍රතිකාරවලට අමතරව එම රෝගී තත්ත්වයට පත්වීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(ii) ආස්‍රැත ජලය නිෂ්පාදනය කරනු ලබන Reverse Osmosis Plant වලට අමතරව බ්‍රිතාන්‍යයේ IOCN LIFE SAVER නමැති ආයතනයේ නිෂ්පාදනයක් බව කියන LIFE SAVER නමැති ජල පෙරණයක් මෙරටට හඳුන්වාදී තිබේද;
(iii) එය වකුගඩු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යොදා ගත නොහැක්කේ මන්ද යන්න පැහැදිලි කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-18
අසන ලද්දේ
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) එකකි.
(ii) එම පර්යේෂණ මෙම අමාත්‍යාංශයෙහි වසංගත රෝග ඒකකයෙහි පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කරනු ලබයි.
(iii) එම පර්යේෂණවල පළමුවන පියවර වන මූලික තක්සේරුව දැනට අවසන් වී ඇත. දෙවන පියවරේදී කාණ්ඩ දෙකක් වසර 4ක් පුරා පර්යේෂණයට ලක්වේ.
(iv) 2018 වර්ෂය සඳහා රුපියල් මිලියන 22ක් වෙන් කර ඇත.
(ආ) (i) වකුගඩු රෝගය පිළිබඳ වැඩි අවදානම් ප්‍රදේශවල පූර්ව පර්යේෂණ මඟින් පුද්ගලයන් පරීක්ෂා කිරීම.
වැඩි අවදානම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවුරුදු 20ට වැඩි පුද්ගලයන් රුධිර හා මුත්‍රා පරීක්ෂාවට ලක් කිරීම.
පරීක්ෂාවෙන් හඳුනාගත් පුද්ගලයන් වකුගඩු රෝග පිළිබඳ විශේෂඥවරයකු වෙත යොමු කිරීම.
වකුගඩු රෝග විශේෂඥවරයා විසින් රෝගය තිබේ යැයි නිගමනය කරනු ලබන පුද්ගලයන් ප්‍රදේශයේ සිටින කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කිරීම.
අවදානම් ප්‍රදේශවල පුද්ගලයන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මඟින් රෝගය පිළිබඳවත්, එය සෑදීමට හේතු යැයි උපකල්පනය කරන හේතු පිළිබඳවත්, රෝගීන් විසින් අනුගමනය කළ යුතු ජීවන රටාව පිළිබඳවත් දැනුවත් කිරීම.
ජලය මෙම රෝගය සෑදීමට හේතුවන බව සනාථ වී නැතත්, වෙනත් ආයතන මඟින් ප්‍රති ආස්‍රැති යන්ත්‍ර (Reverse Osmosis Plant) හරහා ජලය සැපයීම හා ජල ප්‍රවාහන මණ්ඩලය හරහා නල ජලය සැපයීම.
(ii) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එවැනි යන්ත්‍ර මිලදී ගැනීම හෝ බෙදා හැරීම හෝ නඩත්තු කිරීමක් සිදු නොකරයි.
(iii) වකුගඩු රෝගී තත්ත්වයට හේතු කාරක සොයා ගෙන නොමැති බැවින් ප්‍රති ආස්‍රැති යන්ත්‍ර මඟින් සපයන ජලය නිසා රෝගය පාලනය කළ හැකි බව කිව නොහැක. රෝග කාරකය ජලය, ආහාර, ශ්වසන පද්ධතිය හරහා ඇතුළු වීමට ඉඩ ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2018-09-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks