01

E   |     |  

 දිනය: 2018-08-07   පිළිතුර ලබා දී ඇත 

0579/2018: Containing damage done by various wild animals to cultivation by farmers of Kurunegala District

579/’18

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       යාපහුව, පොල්පිතිගම, ඉබ්බාගමුව, මඩහපොළ සහ අඹගහලන්ද යන ප්‍රදේශවල ගොවි ජනතාවගේ ආර්ථිකය රඳා පවතින අඹ, කජු, පේර, ගස්ලබු, දෙළුම් ආදී පළතුරු වගාවන් මෙන්ම, පොල් වගාවටද දඬුලේනුන්, රිලවුන්, වල් ඌරන්, ඉත්තෑවන් සහ මොණරුන් යන සතුන්ගෙන් දැඩි පීඩා එල්ල වී ඇති බව එතුමා දන්නේද;

(ii) එම ගොවි ජනතාවගේ කෘෂිකාර්මික නිෂ්පාදන එම සතුන්ගෙන් ආරක්ෂා කරදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-08-07

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks