පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
573/’18
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ දැනට සේවයේ නියුතු සේවකයන්ගේ නම් කවරේද;
(ii) එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ නම්, ලිපිනයන් හා අධ්‍යාපන සුදුසුකම් කවරේද;
(iii) දැනට එම අධිකාරියෙන් නිකුත් කර ඇති මගී ප්‍රවාහන බලපත්‍ර සංඛ්‍යාව, එක් එක් මාර්ග අංකය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම අධිකාරියේ මගී ප්‍රවාහන ධාවන බලපත්‍ර පොත් 4ක් අස්ථානගත වී ඇති බව දන්නේද;
(ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) වර්තමානයේදී වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දූෂිත ආයතනයක් බවට චෝදනා නැගී ඇති බැවින්, එය වත්මන් යහපාලන රජයේ ප්‍රතිපත්තිවලට අනුව පාලනය කිරීමට අමාත්‍යාංශය ගන්නා පියවර කවරේද යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-06
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks