04

E   |     |  

 දිනය: 2018-06-21   පිළිතුර ලබා දී ඇත 

0551/2018: Drinking Water problem in Puttlam District

551/’18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       බීමට පිරිසිදු ජලය නොමැතිකමින් පුත්තලම දිස්ත්‍රික්කය තුළ විශාල පිරිසක් දැඩි පීඩාවට ලක්වී සිටින බව දන්නේද;

             (ii)       දිස්ත්‍රික්කය තුළ ඇති බීමට පිරිසිදු ජලය නොමැති ගම්මාන හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කවරේද;

(iii) මේ දක්වා දිස්ත්‍රික්කය තුළ ක්‍රියාවට නංවා ඇති ජල ව්‍යාපෘතිවල නම් හා එයින් ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) ඉදිරියේදී පුත්තලම දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුව විසඳීමට අමාත්‍යාංශය  විසින් ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-21

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම් හා ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks