04

E   |     |  

 දිනය: 2018-06-22   පිළිතුර ලබා දී ඇත 

0527/2018: Not paying due Interest on the deposit made by Mr. R. Jayabal in the Ceylinco Realty and Consolidated Limited

527/’18

ගරු වාසුදේව නානායක්කාර මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       නො. 25/14, මරදාන වත්ත, හැඳල, වත්තල ලිපිනයෙහි පදිංචි ආර්. ජයබාල් මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි සීමාසහිත සෙලින්කෝ රියැල්ටි  ඇන්ඩ් කොන්සොලි‍ඩේටඩ් සමාගමේ රුපියල් මිලියනයක්, වසර තුනකට තැන්පත් කර එයින් ලැබෙන පොලී ආදායමෙන් ජීවත් වූ බවත්;

(ii) මෙම මුදල සඳහා ගෙවිය යුතු ‍පොලිය වරින් වර අක්‍රමවත්ව ගෙවා ඇති බවත්;

(iii) මූලික තැන්පතු මුදලින් ඉතිරිව ඇති රු. 525,000/- ක මුදල කල් පිරීම මත ආපසු ගෙවීමට නියමිත වුවද, කොපමණ ඉල්ලීම් කළද සමාගම විසින් එම මුදල ආපසු ලබා නොදෙන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) ඉහත කී සමාගම ඇතුළු මෙබඳු තවත් සමාගම් රාශියක් මේ අයුරින් තැන්පත්කරුවන්ට වංචා කිරීම සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේදැයි එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-22

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks