පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
526/’18
ගරු වාසුදේව නානායක්කාර මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2017 වර්ෂයේ ඇති වූ ගංවතුර හා නායයාම්වලින් අගතියට පත් පවුල්වලට ලබාදෙන බවට ප්‍රකාශ කරන ලද රක්ෂණ වන්දි මුදල එම පවුල්වලට ලැබී තිබේද;
(ii) 2016 වර්ෂයේ ගංවතුර ඇතිවූ අවස්ථාවේදී හානි වූ නිවසකට උපරිමය ලක්ෂ 25 දක්වා රක්ෂණ වන්දි මුදල් ලබාගත හැකි බව අග්‍රාමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද, එකී ගංවතුරට ලක් වූ කොළොන්නාව, අංගොඩ, වැල්ලම්පිටිය, සේදවත්ත, කැළණිමුල්ල, පෑලියගොඩ, කඩුවෙල හා පහළ බෝමිරිය යන ප්‍රදේශයන්හි පිහිටි කිසිදු නිවසකට මේ දක්වා එබඳු රක්ෂණ වන්දි මුදලක් ලැබී නොමැති බව පිළිගන්නේද;
(iii) 2016 හා 2017 වර්ෂවලදී විපතට පත්වූවන්ගේ හානි වූ නිවාස තක්සේරු කර රක්ෂණ වන්දි මුදලක් හෝ කවර හෝ වන්දි මුදලක් ගෙවීමට පියවර ගනු ලබන දිනය කවරේද;
(iv) හානිවූ නිවාස සඳහා මේ වනවිට යම් වන්දි මුදලක් ගෙවා ඇත්නම්, එසේ වන්දි ලැබූ පවුල් සංඛ්‍යාව කොපමණද;
(v) එම රක්ෂණ මුදල් ගෙවා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-21
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks