01

E   |     |  

 දිනය: 2018-07-05   පිළිතුර ලබා දී ඇත 

0519/2018: Schools and Teachers and facilities for teachers

519/’18

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      දිවයිනේ ඇති මුළු රජයේ පාසල් සංඛ්‍යාව කොපමණද;

             (ii)      දිවයිනේ ඇති මුළු ජාත්‍යන්තර පාසල් සංඛ්‍යාව කොපමණද;

 

           (iii)      2015, 2016 සහ 2017 වර්ෂවලදී දිවයිනේ ජාතික පාසල් සඳහා බඳවාගත් ගුරුවරුන් සංඛ්‍යාව ‍වර්ෂය අනුව කොපමණද;

(iv) 2015, 2016 සහ 2017 වර්ෂවලදී දිවයිනේ ඇති පළාත් පාසල් සඳහා බඳවාගත් ගුරුවරුන් සංඛ්‍යාව ‍වර්ෂය අනුව කොපමණද;

(v) 2016 වර්ෂයේ පළමු භාගය තුළ බාහිර හා අභ්‍යන්තර ඇගයීම් පද්ධති මඟින් ඇගයීමට ලක් කළ ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;

(vi) 2016 අයවැයෙන් ග්‍රාමීය හා ප්‍රාදේශීය පාසල්වල ගුරු නිල නිවාස/ විවේකාගාර ස්ථාපිත කිරීම වෙනුවෙන් වෙන් කළ මුදල ‍කොපමණද;

(vii) එම ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-05

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks