01

E   |     |  

 දිනය: 2018-06-20   පිළිතුර ලබා දී ඇත 

0513/2018: Road Projects under i-road stopped

513/’18

ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      රත්නපුර දිස්ත්‍රික්කයේ, නිවිතිගල මැතිවරණ කොට්ඨාසයේ, “අයි-රෝඩ්” ව්‍යාපෘතිය යටතේ මාර්ග ව්‍යාපෘති 05 ක වැඩ 2015 දෙසැම්බර් මස ආරම්භ කළ බවත්;

 (ii) ඉන් ව්‍යාපෘති 02 ක වැඩ අවසන් අදියරේ පවතින අතර ව්‍යාපෘති 03 ක වැඩ අතරමග නතර කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) නතර කර ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කරනු ලබන දිනය කවරේද;

(ii) 2017 වර්ෂය තුළදී වැඩ අවසන් කිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිවල වැඩ අවසන් කරන කාලසීමාව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-20

අසන ලද්දේ

ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks