E   |     |  

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍රමය

ව්‍යවස්ථාදායකයක් සතුව ඇති අධික වැඩ ප්‍රමාණය හා ඒ සඳහා යොදාගත හැකි කාලය සීමාසහිත වීම නිසා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සෑම කාරණයක්ම දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය කිරීම අපහසු කාරණයකි. මෙම වැඩකටයුතු ඉක්මනින් හා සාධාරණ සැලකිල්ලකින් යුතුව සිදුකිරීමට නම් එහි යම් යම් වගකීම් සමස්ත සභාවේම විශ්වාසය දිනාගත් යම් කිසි කණ්ඩායමකට පැවරීමට සිදුවේ. මෙම කාර්යය සපුරා ගැනීම සඳහා යොදාගෙන ඇති වඩාත් ප්‍රා‌‌යෝගික ක්‍රමය වන්නේ කාරක සභා ක්‍රමයයි. එය සමස්ත ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් සුළු සංඛ්‍යාවකින් යුක්ත වූවකි. සියලුම පාර්ලිමේන්තුවල හා එක්සත් ජනපද කොන්ග්‍රසයේ සියලුම වැදගත් කරුණු, විශේෂයෙන්ම ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘති සම්බන්ධයෙන් විස්තරාත්මක මූලික සාකච්ඡා සිදු කිරීම සඳහා කාරක සභා පිහිටුවීම ස්ථාපිත වූ ක්‍රියා පිළිවෙලක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ කාරක සභා ක්‍රමය එහි මව් පාර්ලිමේන්තුව වන නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය මත පදනම්ව ඇත. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආරම්භයේ සිටම, එය වෙත පැවරී ඇති අධික වැඩ ප්‍රමාණයේ බරින් පාර්ලිමේන්තුව නිදහස් කිරීමත් ඒ වෙනුවෙන් එහි කටයුතු විශාල ප්‍රමාණයක් සිදු කිරීමත් උදෙසා කාරක සභා සැලකිය යුතු ප්‍රමාණයක සේවය ලබාගෙන තිබේ.

කාරක සභා පත්කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 වන ව්‍යවස්ථා‌‌වෙන් පිළිගනු ලැබ ඇති අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව පාර්ලිමේන්තුවේ රැස්වීම් කටයුතු විධිමත් කිරීම සඳහාත් පාර්ලිමේන්තු රැස්වීම් වලදී විනය ආරක්ෂා කර ගැනීම සඳහාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධිවිධාන සැලසිය යුතු හෝ බලාත්මක කිරීම අවශ්‍ය වන ඕනෑම කාරණයක් සඳහාත් ස්ථාවර නියෝග සෑදීමේ බලය පාර්ලිමේන්තුවට එමගින් ලැබී තිබේ. මෙම ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහා ස්ථාවර නියෝග සෑදීමේ දී බාහිර අත්දැකීම් වල වාසි ලබා ගනිමින් විවිධ පාර්ලිමේන්තු කාරක සභා පත් කිරීමට ස්ථාවර නියෝග මගින් විධිවිධාන සැලසී තිබේ.



කාරක සභා ලැයිස්තුව

පෙන්වන්න

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 4 වැනි සභාවාරය  | ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව

වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 4 වැනි සභාවාරය  | අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 4 වැනි සභාවාරය  | අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

විදේශ සබඳතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 4 වැනි සභාවාරය  | අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

සංචාරක සහ ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 4 වැනි සභාවාරය  | අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 4 වැනි සභාවාරය  | අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | විශේෂ කාරක සභා

5. රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 3 වැනි සභාවාරය  | අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks