logo

E   |     |  



විශේෂ කාරක සභාවක් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් මගින් පත් කරනු ලැබිය හැකි ය.

විශේෂ කාරක සභාවක්, පාර්ලිමේන්තුවේ අවසරය නොමැතිව සාමාජික මන්ත‍්‍රීවරයන් දොළොස් දෙනෙකුට වැඩි ගණනකින් සංයුක්ත නොවිය යුතු ය. එවැනි අවසරයක් ලබා ගැනීම සඳහා වන යෝජනාවක් සම්බන්ධයෙන් දැනුම් දීම අවශ්‍ය වන්නේ ය.

විශේෂ කාරක සභාවකින් කරනු ලබන පරීක්ෂණයක විෂයය සීමාව, එම කාරක සභාව පත් කරන ලද නියෝගයේ නියම මගින් නිශ්චය කරනු ලැබිය යුතු නමුත් එම විෂයය පථය පුළුල් කිරීම හෝ සීමා කිරීම පාර්ලිමේන්තුවේ උපදෙස් අනුව කරනු ලැබිය හැකි ය. එම කාරක සභාව විසින් එහි අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුතු කාල සීමාව පාර්ලිමේන්තුව විසින් යෝග්‍ය යැයි සලකනු ලබන යම් නිශ්චිත දිනයක් දක්වා දීර්ඝ කරනු ලැබිය හැකි වීමට යටත්ව, එම කාරක සභාව විසින් සිය අවසන් වාර්තාව ඉදිරිපත් කරනු ලැබිය යුතු කාල සීමාව ඉහත කී නියෝගයේ නිශ්චිතව දක්වා තිබිය යුත්තේ ය.

සෑම විශේෂ කාරක සභාවකම සභාපතිවරයා සහ සභික මන්ත‍්‍රීවරයන් කථානායකවරයා විසින් පත් කරනු ලැබිය යුත්තේ ය. සභාපතිවරයා නොපැමිණ සිටින අවස්ථාවක දී, පැමිණ සිටින සභික මන්ත‍්‍රීවරයන් විසින් තෝරා ගනු ලබන කාරක සභාවේ වෙනත් කවර හෝ මන්ත්‍රීවරයකු විසින් එම රැස්වීමේ මූලාසනය දරනු ලැබිය යුත්තේ ය.

සභාපතිවරයා විසින් නියම කරනු ලැබිය හැකි යම් වේලාවක සහ ස්ථානයක කාරක සභාව විසින් සිය රැස්වීම් පවත්වනු ලැබිය යුත්තේ ය. පළමුවැනි රැස්වීමෙන් අනතුරුව පවත්වනු ලබන රැස්වීම් කාරක සභාව විසින් නිශ්චය කරනු ලැබිය හැකි වේලාවල සහ ස්ථානවල පවත්වනු ලැබිය යුත්තේ ය.

 අන්‍යාකාරයෙන් නියෝග කරනු ලබන්නේ නම් මිස, විශේෂ කාරක සභාවක ගණපූරණය සාමාජික මන්ත‍්‍රීවරයන් හතර දෙනෙකුගෙන් සංයුක්ත විය යුත්තේ ය.

එවැනි යම් කාරක සභාවක පුරප්පාඩුවක් ඇති වන යම් අවස්ථාවක දී, කථානායකවරයා විසින්, කලින් කලට, එම සාමාජික මන්ත‍්‍රීවරයා වෙනුවට එම විශේෂ කාරක සභාවට වෙනත් මන්ත‍්‍රීවරයකු පත් කරනු ලැබිය හැකි ය. කාරක සභාවේ පූර්ව අවසරය නොලබා නොකඩවා රැස්වීම් තුනකට පැමිණ නොසිටින යම් සාමාජික මන්ත‍්‍රීවරයකු එම කාරක සභාවේ සාමාජිකත්වය අත්හැර ගියාසේ සලකනු ලැබිය යුත්තේ ය. මෙම ස්ථාවර නියෝගය යටතේ කරනු ලබන සෑම පත් කිරීමක් ම පාර්ලිමේන්තුවේ ඊළඟ රැස්වීමේ දී පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබිය යුත්තේ ය.

 විශේෂ කාරක සභාවක සභාපතිවරයාට එක් මූලික ඡන්දයක් තිබිය    යුතු ය. ඡන්ද විමසීමක දී ප‍්‍රකාශ කරන ලද ඡන්ද සමානව බෙදී ඇත්නම්, සභාපතිවරයාට තීරක ඡන්දයක් භාවිතා කරනු ලැබිය හැකි ය.

 පනත් කෙටුම්පතක් හෝ යම් කාරණයක් යොමු කරනු ලැබූ විශේෂ කාරක සභාවක් විසින් එම පනත් කෙටුම්පත හෝ යොමුගත කාරණය පිළිබඳ සාක්ෂ්‍ය විභාග කිරීම පිණිස පාර්ලිමේන්තුව විසින් එම කාරක සභාවට තැනැත්තන් කැඳවීමට සහ ලිපි ලේඛන සහ වාර්තා ගෙන්වා ගනු ලැබීමට යෝජනා සම්මතයක් මගින් බලය දෙනු ලැබිය හැකි අතර, එවැනි බලතල පවරනු ලැබ ඇති යම් කාරක සභාවකට එම කාරක සභාව ඉදිරියේ ලබා ගන්නා ලද සාක්ෂිවල කාර්ය සටහන් ද සමඟ කාරක සභාවේ මතයන් සහ නිරීක්ෂණ 

පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට ද පාර්ලිමේන්තුවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීම සුදුසු යැයි සලකනු ලැබිය හැකි යම් කාරණයක් සම්බන්ධ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීමට ද අවසර තිබිය යුත්තේ ය.

 පාර්ලිමේන්තුව කල් තබනු ලැබ හෝ වාරාවසාන කරනු ලැබ තිබුණ ද, විශේෂ කාරක සභාවක් විසින් සිය විමර්ශන ‍නොකඩවා කරගෙන යනු ලැබිය හැකි අතර, එහි වාර්තාව පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලබන තෙක් හෝ  යම් විශේෂ කාරක සභාවක රැස්වීම සඳහා එක් එක් දිනයේ පැමිණෙන සාමාජික මන්ත‍්‍රීවරයන්ගේ නම්, විභාග කරන ලද සාක්ෂිකරුවන්ගේ නම් සහ යම් බෙදීමක් ඇති වූ අවස්ථාවක දී, ඉදිරිපත් කරනු ලැබූ ප‍්‍රශ්නය, එය ඉදිරිපත් කරනු ලැබූ තැනැත්තාගේ නම සහ පැමිණ සිටින සාමාජික මන්ත‍්‍රීවරයන් එම ප‍්‍රශ්නය සඳහා ඡන්දය ලබාදුන් අනුපිළිවෙළ ද කාරක සභාවේ වැඩකටයුතු පිළිබඳ කාර්ය සටහන්වල ඇතුළත් කරනු ලැබිය යුතු අතර, සාක්ෂි පිළිබඳ කාර්ය සටහන් සමඟ වැඩකටයුතු පිළිබඳ කාර්ය සටහන් ද පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබිය යුතු අතර කාරක සභාවේ වාර්තාව සමඟ ඒවා මුද්‍රණය කරනු ලැබිය යුත්තේ ය.

 

 


කාරක සභා ලැයිස්තුව

පෙන්වන්න

තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 3 වැනි සභාවාරය  | විශේෂ කාරක සභා

බ්‍රසීලයෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයෙහි, නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහා කාර්යාල මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් එක් ස්ථානය වෙනුවෙන් වෙන්වෙන් වශයෙන් දරන ලද වියදම පිළිබඳ සොයා බලා වාර්තා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 3 වැනි සභාවාරය  | විශේෂ කාරක සභා

විදේශගත ශ්‍රී ලාංකිකයන් හට ඉදිරි මැතිවරණවල දී ඡන්දය පාවිච්චි කිරීමට ඇති ඉඩකඩ සලසා දීමේ සහ ඊට අනුෂංගික කරුණු විමර්ශනය කර පියවර නිර්දේශ කොට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 3 වැනි සභාවාරය  | විශේෂ කාරක සභා

ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතාව සහතික කිරීම පිණිස අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 3 වැනි සභාවාරය  | විශේෂ කාරක සභා

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 3 වැනි සභාවාරය  | විශේෂ කාරක සභා

2016 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවලින් තෝරාගත් අමාත්‍යංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ජා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 1 වැනි සභාවාරය  | විශේෂ කාරක සභා

2018 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවලින් තෝරාගත් අමාත්‍යංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ජා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 1 වැනි සභාවාරය  | විශේෂ කාරක සභා

2014 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවෙන් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව  | 1 වැනි සභාවාරය  | විශේෂ කාරක සභා





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks