logo

E   |     |  

පාර්ලිමේන්තුවේ එක් එක් සභාවාරය ආරම්භයේදීම සහ අවශ්‍යතා මතු වන අයුරින් කලින් කලට තේරීම් කාරක සභාව විසින් මතු සඳහන් සාමාජික මන්ත්‍රීවරයන්ගෙන් සැදුම්ලත්, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යාංශ සංඛ්‍යාවට සමාන වන්නා වූ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා සංඛ්‍යාවක් පත් කළ          යුත්තේ ය:—

(අ)     සභාපතිවරයා ලෙස අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා;

(ආ)    රාජ්‍ය අමාත්‍යවරයා;

(ඇ)    නියෝජ්‍ය අමාත්‍යවරයා; සහ

(ඈ)    තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙක්.

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවකින් තම අත්සන යටතේ වූ ඉල්ලීමක් මඟින් පූර්ව අවසරය ලබා නොගෙන ඒ කාරක සභාවේ අනුගාමී රැස්වීම් වාර තුනකට සහභාගි නොවන යම් සාමාජික මන්ත්‍රීවරයකු ඒ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජිකත්වය අතහැර ගියාසේ සලකනු ලැබිය යුතු අතර තේරීම් කාරක සභාවේ එකඟතාවය මත හැර ඒ සාමාජිකයා ඒ සභාවාරය තුළ නැවත ඒ කාරක සභාවට පත් නොකළ          යුත්තේ ය:

එසේ වුව ද, ඒ සාමාජික මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් නෙපැමිණීමේ අවසරය ප්‍රථමයෙන් ලබාගෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට නොපැමිණෙන කාලසීමාවක් තුළ යෙදෙන දිනයකදී ඒ කාරක සභාවක යම් රැස්වීමක් පවත්වනු ලබන්නේ නම්, ඉහත කී විධිවිධාන අදාළ නොවිය යුත්තේ ය.

ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තමා සාමාජිකයකු නොවන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවක රැස්වීම්වලට ඒ කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය පරිදි සහභාගි වීමට අවකාශ ඇති අතර සභාපතිවරයා විසින් ඉල්ලා සිටිනු ලබන අවස්ථාවකදී ඒ මන්ත්‍රීවරයා ඉන් ඉවත් විය          යුත්තේ ය.

ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් කාරක සභාවට යොමු කරනු ලබන කාරණා සලකා බැලීම සහ සභාපතිවරයා හෝ පාර්ලිමේන්තුව විසින් කාරක සභාවට යොමු කරනු ලබන යෝජනා, නියෝග හෝ ලේඛන ඇතුළුව

කවර හෝ කරුණු පිළිබඳ විමසා බලා ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවක කාර්යය විය යුත්තේ ය.

  (අ)  කාරක සභා රැස්වීම් කැඳවීම අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡා කර සිදු කළ යුත්තේ ය.

  (ආ) පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා මඟින් කාර්යාරම්භ කිරීමේ බලය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවකට තිබිය යුත්තේ ය.

සභාපතිවරයා විසින් කැඳවනු ලබන කවර හෝ අවස්ථාවක එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්විය යුත්තේ ය. සභාපතිවරයා         සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සමඟ සාකච්ඡා කර සභාපතිවරයා විසින් යටත් පිරිසෙයින් මාසයකට වරක් හෝ රැස්වීමක් කැඳවා අර්ථවත් වැඩසටහනක් සකස් කරන බවට වගබලා ගැනීම, සෑම අමාත්‍යාංශ ලේකම්වරයකුගේම කාර්යය වන අතර කලින් කලට එහි නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කළ යුත්තේ ය:         

එසේ වුව ද, එබඳු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවක යටත් පිරිසෙයින් සාමාජික මන්ත්‍රීවරයන් තුන් දෙනකුගේ ලිඛිත ඉල්ලීමක් මත හැකිතාක් ඉක්මනින් රැස්වීමක් කැඳවනු ලැබිය යුත්තේ ය.

කාරක සභාව ඉදිරියට තැනැත්තන් කැඳවා ප්‍රශ්න කිරීමට ද, ලියකියවිලි සහ වාර්තා ගෙන්වා පරීක්ෂා කිරීමට ද, තැනින් තැනට යාමට ද, තමන්  වෙත යොමු කෙරෙන කරුණු පූර්ණ ලෙස සලකා බැලීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාවන් කිරීමට ද, පාර්ලිමේන්තුව කල් තබනු ලැබ ඇති විටක වුව ද රැස්වීමට ද, එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට බලය තිබිය යුත්තේ ය.

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවක ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනකුගෙන් සමන්විත විය යුතු අතර නියමිත ගණපූරණය නොමැතිව කටයුතු නොකිරීම ඒ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයාගේ කාර්යය විය යුත්තේ ය.

කාරක සභා සඳහා වන පොදු රීති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා සඳහා ද අදාළ විය යුත්තේ ය. [

කාරක සභා ලැයිස්තුව

පෙන්වන්න

මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව  | 1 වැනි සභාවාරය  | අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව  | 1 වැනි සභාවාරය  | අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

රාජ්‍ය ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව  | 1 වැනි සභාවාරය  | අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව  | 1 වැනි සභාවාරය  | අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

රාජ්‍ය කළමණාකරණ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව  | 1 වැනි සභාවාරය  | අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ ප්‍රජාතාන්ත්‍රීය පාලනය කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව  | 1 වැනි සභාවාරය  | අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව  | 1 වැනි සභාවාරය  | අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව  | 1 වැනි සභාවාරය  | අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks