පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ දරුවන්ට සහාය වීම පිණිස, “ලිට්ල් රූට්ස්” දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙර පාසල පසුගියදා (මැයි 06) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ “ගොවිජන මන්දිර” පරිශ්‍රයේ දී නිල වශයෙන් විවෘත කෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉල්ලීමක් මත සමස්ත චීන කාන්තා සම්මේලනය (ACWF) විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත ප්‍රදානය කරන ලද චීන යුවාන් 1,000,000 ක පරිත්‍යාගය යොදාගනිමින් මෙම “ලිට්ල් රූට්ස්” නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙර පාසල ඉදිකොට තිබේ. දෙමාපියන් තම වෘත්තීය වගකීම් ඉටු කරන අතරතුර දරුවන්ගේ අධ්‍යාපනයට සහ මුල් ළමාවිය සංවර්ධනය කිරීමට අවශ්‍ය ආරක්ෂිත සහ උත්තේජක පරිසරයක් සැපයීම මෙම නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙර පාසල පිහිටු වීමේ අරමුණයි.
“ලිට්ල් රූට්ස්” දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙර පාසල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යන ආයතනයන්හි සමූහ ව්‍යාපෘතියක් ලෙස ඉදි කෙරිණි. මෙහි මුල් අදියරේ දී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සඳහා විවෘත වන අතර ඉදිරියේදී එය අනෙකුත් ආයතන දක්වා වඩාත් පුළුල් කිරීමට අපේක්ෂිතය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත් සහ ඉඩම් ගරු අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, කෘෂිකර්ම ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ, ජනමාධ්‍ය ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තුවේ නියොජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සම උප සභාපතිනි සමන්මලී ගුණසිංහ, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නියෝජනය කරමින් සංස්කෘතික කටයුතු භාර උපදේශක ජි ලිලී (Ji Lili) තෙවන ලේකම් ජියැං චැං (Jiang Chang) පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වුහ.
මෙයට අමතරව පාර්ලිමේන්තු නිලධාරීන්, අමාත්‍යාංශ නිලධාරීන්, දෙමව්පියන් සහ දරු දැරියන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි. | පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks