පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ජාතික ආරක්‍ෂාව හා සුරක්‍ෂිතතාව මෙන්ම වෙළඳාම සහ ආයෝජනය සම්බන්ධයෙන් දෙරට අතර දැනට පවතින සම්බන්ධතාවන්ට අමතරව ගුවන් සේවා, සංචාරක සහ ජලජ නිෂ්පාදන වැනි නව ක්‍ෂේත්‍රයන් තුළ ද සහයෝගීතාව පුළුල් කිරීමට සහ වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාව සහ වියට්නාමය සැලකිල්ල යොමු කොට ඇත.
හැනොයි අගනුවර නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක, ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමා 2013 ජූලි මස 15 වැනි සඳු දින වියට්නාම ජනාධිපති අතිගරු ට්රූම්න්ග් ටෑන් සෑන්ග් මැතිතුමා හමු වූ අවස්ථාවේදී ද්වීපාර්ශ්වික සහයෝගීතාවය පිළිබඳ දෙරටට වැදගත් වන කරුණු කීපයක් සාකච්ඡාවට බඳුන් විය.
මානව හිමිකම් සහ භෞමික අඛණ්ඩතාවය යන කරුණුවලදී ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් වියට්නාමය වෙත ශ්‍රී ලංකාවේ කෘතඥතාවය ප්‍රකාශ කළ ගරු කථානායකතුමා දෙරට අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාවය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය, එහි සාර්ථකත්වය සහ එම සබඳතාවයන් වැඩිදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු කළේය. 1970 වර්ෂයේදී පළමු වරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් ගොඩනඟා ගත් දා පටන් ද්වීපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ලබා ඇති ඵලදායී ප්‍රතිඵල පිළිබඳව ද එතුමා සිහිපත් කළේය.
මෑත වර්ෂවලදී ඇ.ඩො. බිලියන 1 ක් පමණ වන ලෙස ද්වීපාර්ශ්වික වෙළඳාම සම්බන්ධයෙන් ලබා ඇති අභිවෘද්ධිය පිළිබඳව අවධානය යොමු කළ වියට්නාම ජනාධිපතිතුමා, දෙරට විසින් සියළුම මට්ටම්වලදී දූත මණ්ඩල හුවමාරු කරගැනීම සහ අත්සන් තබා ඇති ගනුදෙනු ක්‍රියාවට නැංවීම ශක්තිමත් කිරීම කළ යුතු බව ප්‍රකාශ කළේය.
සමාජ, ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳව තමාගේ පාර්ශවයෙන් තම ප්‍රසාදය පළකරන බව අතිගරු ජනාධිපති සැන්ග් මැතිතුමා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව සහ එහි ජනතාව වඩාත් සමෘද්ධිමත් වනු ඇති බව තම අපේක්‍ෂාව බව ද එතුමා ප්‍රකාශ කළේය.
කථානායක ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමාගේ මෙම සංචාරය තුළින් දෙරට අතර සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් වනු ඇති බව තම අපේක්‍ෂාව බව වියට්නාම ජාතික සභාවේ සභාපති ගරු නගුයෙන් සින්හ් හුන්ග් මැතිතුමා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය ආර්ථික, වෙළඳ සහ ආයෝජන යන ක්‍ෂේත්‍ර තුළ සම්බන්ධතාවයන් වර්ධනය කරගෙන ඇති නමුත් එම සම්බන්ධතාවයන් තවමත් පරිපූර්ණ මට්ටමට ළඟා වී නොමැති බව ද ඔහු සඳහන් කළේය. කෘෂිකර්මය, ජලජීවී ධීවර කර්මාන්තය, යටිතල පහසුකම් සංවර්ධනය, සංස්කෘතිය, අධ්‍යාපනය මෙන්ම ජාතික ආරක්‍ෂාව සහ ආරක්‍ෂක කටයුතු වැනි ක්‍ෂේත්‍ර තුළ දෙරටෙහි ශක්තීන් හා අවශ්‍යතාවයන්ට අදාළව ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවය වැඩි දියුණු කිරීමට වියට්නාමය අපේක්‍ෂා කරයි.
සාමය, ස්ථාවරත්වය, ජාතික සමගිය සහ ප්‍රතිසංධානය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳව සහ ජාතික ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ තුළදී දරන ලද ප්‍රයන්තයන්හි ජයග්‍රහණ පිළිබඳව වියට්නාම ජාතික සභාවේ සභාපතිතුමා ශ්‍රී ලංකාවට තම සුභාශිංසන පළ කළේය.
ජාතික ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ලබාදෙන සහයෝගයට රාජපක්‍ෂ මැතිතුමා වියට්නාමයට ස්තූතිය පළ කළ අතර ශ්‍රී ලංකාව සමඟ සාම්ප්‍රදායික මිතුදම සහ බහුවිධ සහයෝගීතාවය වර්ධනය කිරීම වැදගත් කොට සැළකීම තම රටෙහි ස්ථිරසාර ප්‍රතිපත්තිය බව වියට්නාම ජාතික සභාවේ සභාපතිතුමා අවධාරණය කළේය.
විද්‍යාත්මක කටයුතු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු දයාශ්‍රිත තිසේරා, වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ගරු ඩබ්.බී. ඒකනායක මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාලිත රංගේ බණ්ඩාර මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දිලිප් වෙදආරචිච් මැතිතුමා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ඩබ්.බී.ඩී. දසනායක මහතා ගරු කථානායකතුමා සමඟ මෙම සංචාරයට එක් වූහ.
2026-08-21
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.
2026-08-21
• ශෝකය පළ කිරීම සඳහා සභා ගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක්දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (අගෝ. 21) ශෝකය පළ කෙරිණි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවකට අනුව සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි. නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය. අද නන්දා මාලිනියගේ වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය. එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.මෙම අවස්ථාවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අදහස් පළ කරමින් සඳහන් කළේ නන්දා මාලිනී මහත්මිය තමා පෞද්ගලිකවම හඳුනන බවත් ඇය කිසිවකට නොනැමුණු හැමවිටම ජනතාව වෙනුවෙන් හිටගත් කලාකාරිණියක් ලෙස මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ගායනවේදිනියක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අභාවයට පත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සභාගර්භය තුළ පළ කළ අදහස් සමග තමාද එක්වන බවත් එතුමියට නිවන්සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.
2026-08-20
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (අගෝ. 20) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබේ. අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව පෙ.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.
2026-08-20
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (අගෝ. 20) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පනත් කෙටුම්පතට අදාළ දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණි. අනතුරුව පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

