කථානායක ගරු (වෛද්ය) ජගත් වික්රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : “ශ්රී ලංකා ක්රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
2 : “ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
3 : “ආගමන” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
4 : නව සමූහ රක්ෂණය සම්බන්ධයෙන් ගරු මන්ත්රීවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2025 වර්ෂය සඳහා රාජ්ය ණය කළමනාකරණ කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව.
(ii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සහ එවකට තාක්ෂණ අමාත්යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(iii) 2025 වර්ෂය සඳහා දකුණු පළාත් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බස්නාහිර පළාත් සභාව සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳ වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්රී ගරු රවී කරුණානායක මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්රී කේ.වී. සමන්ත විද්යාරත්න මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්රී චානක මාදුගොඩ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න
(i) ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
නීතිවිරෝධී මත්පැන් භාවිතය සහ නව මත්පැන් බලපත්ර සම්බන්ධ ගැටලු
ගරු ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්යවරයා ඉහත ප්රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු (වෛද්ය) රාමනාදන් අර්ච්චුනා මහතා
තිලීපන් අනුස්මරණ දිනය සම්බන්ධ ගැටලු
ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්යවරයා ඉහත ප්රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්යාංශ නිවේදන
‘මඩකලපුවේ සතුරුකොන්ඩන් ඝාතනය සහ අතුරුදහන් වීම පිළිබඳ විමර්ශනයේ විස්තර’ සම්බන්ධයෙන් සහ ‘වාර්ගික සහජීවනය සහ ජාතික ආරක්ෂාව සුරැකීමේ පියවර’ සම්බන්ධයෙන් පිළිවෙළින් 2026.08.07 දින ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් සහ 2026.10.09 දින ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්රශ්නවලට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය, ගරු ආනන්ද විජේපාල මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(87 වන අධිකාරය වූ) භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ
“භාර (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායකවරයා විසින් පිළිගන්වන ලදී.
අද දින සභාවේ ප්රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්යාය පත්රයේ අයිතම අංක 1 සිට 12 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී: -
(i) රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනාව
(ii) පරිපූරක මුදල — ශීර්ෂය 243 — වැඩසටහන 02
(iii) ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2021)
(iv) ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2022)
(v) ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2023)
(vi) බී සී සී ලංකා ලිමිටඩ් සමාගමේ වාර්ෂික වාර්තාව (2021/2022)
(vii) බී සී සී ලංකා ලිමිටඩ් සමාගමේ වාර්ෂික වාර්තාව (2022/2023)
(viii) ජාතික ලුණු සමාගමේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2021/2022)
(ix) ජාතික ලුණු සමාගමේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2022/2023)
(x) ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව (2022)
(xi) ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව (2023)
(xii) මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්යාස ආයතනයේ වාර්ෂික වාර්තාව (2023)
සභාව කල් තබන අවස්ථාවේ ප්රශ්න
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්රී එම්. එස්. උදුමාලෙබ්බේ මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්රී මේජර් ජෙනරාල් (විශ්රාමික) ජී. ඩී. සූරියබණ්ඩාර මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1732 ට 2026 ඔක්තෝබර් මස 22 වැනි බ්රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-10-23
කථානායක ගරු (වෛද්ය) ජගත් වික්රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව2 : ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2025 වර්ෂය සඳහා ප්රාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව(ii) 2025 වර්ෂය සඳහා ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාවකාරක සභා වාර්තා පිළිගැන්වීමරජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, එහි සාමාජික මන්ත්රී ගරු නිමල් පලිහේන මහතා විසින් පිළිගන්වන ලදී.මහජන පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්රිනී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්රී ආර්. එම්. සමන්ත රණසිංහ මහතා - පෙත්සම් දෙකයි (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න(i) ගරු කේ. කාදර් මස්තාන් මහතාජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්රීඩා උළෙලෙන් ෆාතිමා ශෆියා මිය ඉවත් කිරීම(ii) ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාගුරුවරුන් බඳවා ගැනීම සහ සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්රහණය නොකිරීමගරු අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යවරිය ඉහත ප්රශ්නයට පිළිතුරු දුන්නා ය.අමාත්යාංශ නිවේදන(i) මඩවනයි හි සාම්ප්රදායික තණබිම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් 2026.09.23 දින ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්රශ්නයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය, ගරු කේ. ඩී. ලාල් කාන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.(ii) උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනවල පවතින මූල්ය හා වෙනත් ගැටලු සම්බන්ධයෙන් 2026.09.25 දින ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්රශ්නයට රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය, ගරු (මහාචාර්ය) ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා පිළිතුරු ලබා දුන්නේ ය.අද දින සභාවේ ප්රධාන කටයුතුජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (අද දින න්යාය පත්රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන) විවාදයට ගෙන මතු දිනකට කල් තබන ලදී.සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“බෙන්තර, කරන්දෙණිය සහ ඇල්පිටිය නව සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත පෙරේරා මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1759 ට 2026 නොවැම්බර් මස 03 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-10-22
කථානායක ගරු (වෛද්ය) ජගත් වික්රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව2 : අධ්යාපන ප්රතිසංස්කරණ සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2024 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්.(ii) 2024 වර්ෂය සඳහා ලංකා ජර්මානු කාර්මික අභ්යාස ආයතනයේ වාර්ෂික වාර්තාව.(iii) 2024 වර්ෂය සඳහා රාජ්ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීමරාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්රී ගරු නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්රී ටී. බී. සරත් මහතා (ii) ගරු පාර්ලිමේන්තු මන්ත්රී දිනිඳු සමන් හෙන්නායක මහතා - පෙත්සම් තුනයි (iii) ගරු පාර්ලිමේන්තු මන්ත්රී ඥානමුත්තු ශ්රීනේසන් මහතා (iv) ගරු පාර්ලිමේන්තු මන්ත්රී උපුල් කිත්සිරි මහතා (v) ගරු පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද ලලිත් කුමාර මහතා (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න(i) ගරු සජිත් ප්රේමදාස මහතා2026 අයවැය යෝජනා ක්රියාත්මක කිරීම සහ භෞතික හා මූල්ය ප්රගතිය (ii) ගරු රවී කරුණානායක මහතාඇමරිකාව, ඊශ්රායලය සහ ඉරානය අතර ගැටුම හේතුවෙන් ශ්රී ලංකාවට ඇති වන ආර්ථික හා මූල්ය බලපෑම අමාත්යාංශ නිවේදන(i) රටේ නිල සංචිතවල ගැටළු සම්බන්ධයෙන් 2026.08.18 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්රශ්නයට මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යවරයා වෙනුවෙන්, කම්කරු අමාත්ය සහ මුදල් සහ ක්රම සම්පාදන නියෝජ්ය අමාත්ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.(ii) ‘රට තුළ වර්ධනය වන එල් නිනෝ දේශගුණික තත්ත්වය අවම කිරීම සඳහා ගෙන ඇති පියවර’ සහ ‘දිත්වාහ් හි පසු ආපදා කළමනාකරණය සහ රට තුළ පවතින එල් නිනෝ තත්ත්වය’ සම්බන්ධයෙන් පිළිවෙළින් 2026.09.10 සහ 2026.09.23 යන දිනයන්හි දී ගරු සජිත් ප්රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්රශ්නවලට ආරක්ෂක අමාත්යවරයා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්ය අමාත්ය, ගරු මේජර් ජෙනරාල් (විශ්රාමික) අරුණ ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නේ ය.අද දින සභාවේ ප්රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්යාය පත්රයේ අයිතම අංක 1 සිට 11 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී: - (i) විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත (එල්.ඩී. - ඕ. 8/2026) – සංශෝධන සහිතව(ii) විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත (එල්.ඩී. - ඕ. 11/2026) – සංශෝධන සහිතව(iii) ජාතික ශ්රම අධ්යයන ආයතනයේ වාර්ෂික වාර්තාව (2022)(iv) ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්යය ආයතනයේ වාර්ෂික වාර්තාව (2022)(v) ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2015)(vi) ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2016)(vii) ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2017)(viii) ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2018)(ix) රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව (2023)(x) ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ වාර්ෂික වාර්තාව (2022)(xi) ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ වාර්ෂික වාර්තාව (2023)සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“තායිලන්ත නියෝජ්ය අග්රාමාත්යවරියට රාජ්ය තාන්ත්රික පිළිගැනීමක් ලබා දීමේදී රජය අතින් සිදුවූ අඩුපාඩු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1758 ට 2026 ඔක්තෝබර් මස 23 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-10-20
කථානායක ගරු (වෛද්ය) ජගත් වික්රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 79 වැනි ව්යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම2 : “ශ්රී ලංකා ක්රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව3 : “ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව4 : දූෂණ විරෝධී ජාතික ක්රියාකාරී සැලැස්ම (2025-2029) යටතේ පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති කරුණු ක්රියාවේ යෙදවීමට මූලිකත්වය ගැනීමට සහ අධීක්ෂණය කිරීම සඳහා සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීම5 : ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීමේ ප්රමාදයන් සම්බන්ධයෙන් විපක්ෂය විසින් ඉල්ලා සිටි පාර්ලිමේන්තු විවාදය6 : පාර්ලිමේන්තු ප්රකාශන ඩිජිටල් ආකාරයෙන් ලබා ගැනීමකථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 154(6) ව්යවස්ථාව ප්රකාරව ─• 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLIX (49) කොටස;• 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ L (50) හා LI (51) කොටස්; සහ• 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ VIII (8), IX (9), X (10), XI (11) හා XII (12) කොටස්, තෙවැනි කාණ්ඩයේ VIII (8) IX (9), X (10) හා XI (11) කොටස් සහ නවවැනි කාණ්ඩයේ IV (4), V (5) හා VI (6) කොටස්(ii) ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 154(6) ව්යවස්ථාව ප්රකාරව, 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ VI (6) කොටස, සිව්වැනි කාණ්ඩයේ IV (4) හා V (5) කොටස් සහ පස්වැනි කාණ්ඩයේ V (5) කොටස.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2024 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව.(ii) 2025 වර්ෂය සඳහා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.(iii) 2025 වර්ෂය සඳහා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.(iv) 2025 වර්ෂය සඳහා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.(v) 2026 අංක 06 දරන පරිපූරක ඇස්තමේන්තුව.(vi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳ වාර්තාව. (vii) 1974 අංක 35 දරන සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනත්වලින් සංශෝධිත (235 වැනි අධිකාරය වූ) රේගු ආඥා පනතේ 19(අ) වගන්තිය යටතේ රේගු ආනයන තීරු බදු සම්බන්ධයෙන් මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යවරයා විසින් පනවන ලදුව, 2026 අගෝස්තු 18 දිනැති අංක 2502/21 දරන අති විශේෂ ගැසට් පත්රයේ පළ කරන ලද නියමය. (viii) 1978 අංක 16 දරන විශ්වවිද්යාල පනතේ 25අ සහ 70ඇ වගන්ති සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ එස්. එල්. ටී. කැම්පස් (ප්රයිවට්) ලිමිටඩ් ආයතනය, ශ්රී ලංකා ටෙක්නොලොජි කැම්පස් (ප්රයිවට්) ලිමිටඩ් ආයතනය ලෙස නාමය වෙනස් කිරීම සම්බන්ධයෙන් එවකට අධ්යාපන අමාත්යවරයා විසින් පනවන ලදුව, 2024 මැයි 16 දිනැති අංක 2384/27 දරන අති විශේෂ ගැසට් පත්රයේ පළ කරන ලද නියමය. (ix) 1978 අංක 16 දරන විශ්වවිද්යාල පනතේ 25අ වගන්තිය යටතේ ශ්රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය විසින් ප්රදානය කරන රෙදිපිළි හා ඇඟලුම් අධ්යයනය පිළිබඳ විද්යාවේදී උපාධිය සම්බන්ධයෙන් අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යවරිය විසින් සාදන ලදුව, 2025 ජූලි 22 දිනැති අංක 2446/36 දරන අති විශේෂ ගැසට් පත්රයේ පළ කරන ලද නියමය. (x) 1978 අංක 16 දරන විශ්වවිද්යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ ශ්රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි (ගැරන්ටි) ලිමිටඩ් විසින් ප්රදානය කරන ගෞරව උපාධි සම්බන්ධයෙන් අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යවරිය විසින් සාදන ලදුව, 2025 අගෝස්තු 21 දිනැති අංක 2450/40 දරන අති විශේෂ ගැසට් පත්රයේ පළ කරන ලද නියමය. (xi) 1978 අංක 16 දරන විශ්වවිද්යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ කේ.අයි.යූ. කැම්පස් (ප්රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්රදානය කරන කටුචිකිත්සක විද්යාව පිළිබඳවෛද්ය විද්යා ගෞරව උපාධි පාඨමාලාව සම්බන්ධයෙන් අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යවරිය විසින් සාදන ලදුව, 2025 සැප්තැම්බර් 17 දිනැති අංක 2454/39 දරන අති විශේෂ ගැසට් පත්රයේ පළ කරන ලද නියෝගය. (xii) 1978 අංක 16 දරන විශ්වවිද්යාල පනතේ 25අ වගන්තිය යටතේ ද ඇමරිකන් කොලේජ් ඔෆ් හයර් එඩියුකේෂන් (ප්රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්රදානය කරන මනෝවිද්යාව පිළිබඳ විද්යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යවරිය විසින් සාදන ලදුව, 2025 සැප්තැම්බර් 22 දිනැති අංක 2455/06 දරන අති විශේෂ ගැසට් පත්රයේ පළ කරන ලද නියමය. (xiii) 1978 අංක 16 දරන විශ්වවිද්යාල පනතේ 25අ සහ 70ඇ වගන්ති සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ සීමාසහිත ඊසොෆ්ට් මෙට්රො කැම්පස් (ප්රයිවට්) ලිමිටඩ් සමාගම, ඊසොෆ්ට් යුනි (ප්රයිවට්) ලිමිටඩ් ලෙස නාමය වෙනස් කිරීම සම්බන්ධයෙන් අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යවරිය විසින් පනවන ලදුව, 2025 ඔක්තෝබර් 13 දිනැති අංක 2458/13 දරන අති විශේෂ ගැසට් පත්රයේ පළ කරන ලද නියෝගය. (xiv) 1978 අංක 16 දරන විශ්වවිද්යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ ශ්රී ලංකා ටෙක්නොලොජි කැම්පස් (ප්රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්රදානය කරන ව්යාපාර විශ්ලේෂණය පිළිබඳ විද්යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යවරිය විසින් සාදන ලදුව, 2025 දෙසැම්බර් 23 දිනැති අංක 2468/08 දරන අති විශේෂ ගැසට් පත්රයේ පළ කරන ලද නියමය. (xv) 2024 වර්ෂය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.(xvi) 2024 වර්ෂය සඳහා සීමාසහිත ස්වාධීන රූපවාහිනි මාධ්ය ජාලයේ වාර්ෂික වාර්තාව.(xvii) 2024 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්යස්ථානයේ වාර්ෂික වාර්තාව.(xviii) 2024 වර්ෂය සඳහා ශ්රී ලංකා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තාව.(xix) 2025 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව(xx) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මධ්යම පළාත් සභාව යටතේ පවතින පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xxi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බස්නාහිර පළාත් සභාව යටතේ පවතින පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xxii) 2024 වර්ෂය සඳහා ශ්රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වාර්ෂික වාර්තාව.(xxiii) 2025 වර්ෂය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.(xxiv) 2025 වර්ෂය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීම(i) පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පිළිගන්වන ලදී.(ii) යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් මහතා විසින් පිළිගන්වන ලදී.(iii) රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්රී ගරු ධර්මප්රිය විජේසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්රී අශෝක ගුණසේන මහතා (ii) ගරු පාර්ලිමේන්තු මන්ත්රී ධර්මප්රිය දිසානායක මහතා (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න(i) ගරු සජිත් ප්රේමදාස මහතාකාවන්තිස්ස ඇතාගේ මරණයගරු පරිසර අමාත්යවරයා ඉහත ප්රශ්නයට පිළිතුරු දුන්නේ ය. (ii) ගරු රවී කරුණානායක මහතා2026 ඔක්තෝබර් 17 වන දින දිවයින පුරා විදුලිය විසන්ධි වීමගරු බලශක්ති අමාත්යවරයා ඉහත ප්රශ්නයට පිළිතුරු දුන්නේ ය.අමාත්යාංශ නිවේදන(i) 2026 ඔක්තෝබර් 17 වන දින දිවයින පුරා විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්ය සහ බලශක්ති අමාත්ය, ගරු අනුර කරුණාතිලක මහතා අමාත්යාංශ නිවේදනයක් කළේය.(ii) කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් පරිසර අමාත්ය, ගරු (වෛද්ය) දම්මික පටබැඳි මහතා අමාත්යාංශ නිවේදනයක් කළේය.පනත් කෙටුම්පත් පිළිගැන්වීමගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යවරයා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් පිළිගන්වන ලදී - (i) විදේශීය ත්රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ - විදේශීය ත්රස්තවාදී සටන්කරුවන් විසින් එල්ල කරන තර්ජන වැළැක්වීමට සහ මැඩපැවැත්වීමට අදාළව වර්ෂ 2014 සැප්තැම්බර් මස 24 වන දින සම්මත කරගන්නා ලද 2178 දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක සභා යෝජනා සම්මතය බලාත්මක කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ(ii) සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ - ජාතික සීමා ඉක්ම වූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සඳහා ද; ඵලදායී ජාතික සහ අන්තර්ජාතික සහයෝගීතාව මගින් බරපතළ අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා ද; සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලින් ඉදිරිපත් වන තර්ජනවලින් සමාජය ආරක්ෂා කිරීම සඳහා ද සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යවරයා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය - කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවකොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2025 නොවැම්බර් 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්රකාරව එකී කාරක සභාවට ලබා දී ඇති කාලසීමාව, 2026 දෙසැම්බර් 21 දින දක්වා දීර්ඝ කළ යුතු ය.කල් තැබීමේ යෝජනාව“රටේ වර්තමාන තත්ත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්රී ගයන්ත කරුණාතිලක මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1740 ට 2026 ඔක්තෝබර් මස 21 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-10-09
නියෝජ්ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණයේ තීරණය2 : ශ්රී ලංකා පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරනු ලබන නවරාත්රී උත්සවයලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2024 වර්ෂය සඳහා උක් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව.(ii) 2020 වර්ෂය සඳහා ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්රී කිංස් නෙල්සන් මහතා (ii) ගරු පාර්ලිමේන්තු මන්ත්රී (වෛද්ය) ජගත් ගුණවර්ධන මහතා (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න(i) ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතාවාර්ගික සහජීවනය සහ ජාතික ආරක්ෂාව සුරැකීමේ පියවරගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්යවරයා ඉහත ප්රශ්නයට පිළිතුරු දුන්නේ ය. (ii) ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතාඋතුරු පළාතේ සහ මන්නාරමේ පොල් වගාවට "සුදු මැස්සන්" උවදුරේ බලපෑමඅමාත්යාංශ නිවේදන(i) හම්බන්තොට වරායෙන් ඉවත් කරන ලද ගල් අපනයනය කිරීම සම්බන්ධයෙන් 2026.09.09 දින ගරු දිලිප් වෙදආරච්චි මහතා විසින් අග්රාමාත්යතුමියගෙන් අසන ලද ප්රශ්නයට අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය. (ii) නුදුරු අනාගතයේදී ඇතිවිය හැකි එල් නිනෝ කාලගුණ තත්ත්වය සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය, ගරු කේ. ඩී. ලාල් කාන්ත මහතා අමාත්යාංශ නිවේදනයක් කළේය.(iii) උතුරු සහ නැගෙනහිර පළාත්වල රජයේ ආයතනවල පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්බන්ධයෙන් 2026.09.25 දින ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්රශ්නයට රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය, ගරු (මහාචාර්ය) ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා පිළිතුරු ලබා දුන්නේ ය.අද දින සභාවේ ප්රධාන කටයුතුපහත සඳහන් යෝජනා (අද දින න්යාය පත්රයේ අයිතම අංක 1, 2, 4 සහ 5 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී. අයිතම අංක 1, 4 සහ 5 සම්මත කරන ලද අතර අයිතම අංක 2 ඇති සැටියෙන්ම සම්මත නොවීය:- • දියගම වනාන්තරය ආරක්ෂා කිරීමදියගම වනාන්තරය කොළඹ තදාසන්නයේ ඉතිරිව ඇති අවසාන නාගරික පහත්බිම් වැසි වනාන්තරවලින් එකක් වන අතර නගරයට ආසන්නතම වැසි වනාන්තර කොටස වන හෙයින් ද; බොල්ගොඩ ගඟ පෝෂණය කරන එහි තෙත් බිම් සහ ඇළ දොළ හරහා ජල ප්රවාහය නියාමනය කිරීමෙන් ස්වාභාවික ගංවතුර අවරෝධකයක් ලෙස එය වැදගත් කාර්යභාරයක් ඉටු කරන හෙයින් ද, එමඟින් අවට ප්රජාවන් ගංවතුරෙන් ආරක්ෂා කෙරෙන හෙයින් ද; මෙම වනාන්තරය රතු උණහපුළුවා, දම් පැහැ මුහුණැති කොළ වඳුරා සහ හඳුන් දිවියා වැනි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂ ඇතුළුව ශාක හා සත්ත්ව විශේෂ 220 කට අධික සංඛ්යාවකට නිවහන වන හෙයින් ද; ආසන්න වශයෙන් 12.6% ක් ආවේණික ශාක හා 11.58% ක් ආවේණික සත්ත්ව විශේෂ සඳහා රැකවරණය සලසන එකම තීරණාත්මක ජෛව විවිධත්ව කේන්ද්රස්ථානයක් වන හෙයින් ද, ඒවායිනුත් බොහොමයක් නාගරික ව්යාප්තිය නිසා වැඩි වැඩියෙන් තර්ජනයට ලක්ව ඇති හෙයින් ද; දියගම වනාන්තරය එහි උණහපුළු ගහනය සම්බන්ධයෙන් ජාත්යන්තරව පිළිගැනීමට ලක්ව ඇති හෙයින් ද, විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගනිමින් තිරසර පාරිසරික සංචාරක ව්යාපාරය සඳහා ශක්තිමත් විභවයක් පවතින හෙයින් ද; ජෛව විවිධත්වය, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ ප්රජා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම වනාන්තරයේ ආරක්ෂාව අත්යවශ්ය වන හෙයින් ද; දියගම වනාන්තරය අහිමි වීම නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි තත්ත්වයක් වනු ඇති හෙයින් ද, එය අප්රමාදව සංරක්ෂණය කිරීම අනාගත පරම්පරාවන් සඳහා අත්යවශ්ය කටයුත්තක් වන බැවින් සහ ශ්රී ලංකාව එකඟ වී ඇති ජාතික හා ජාත්යන්තර සංරක්ෂණ එකඟතාවන් සම්පූර්ණ කිරීමක් වන හෙයින් ද; දියගම වනාන්තරය තුළ සිදු කෙරෙන සියලුම එළිපෙහෙළි කිරීම් සහ සංවර්ධන කටයුතු වහාම නතර කිරීමට, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත (FFPA) යටතේ ආරක්ෂිත ප්රදේශයක් ලෙස එය ගැසට් කිරීමට, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලසීමාව යටතේ එය තැබීමට සහ අනාගත ආක්රමණ සහ තිරසර නොවන සංවර්ධනයට එරෙහිව හැකි තරම් ශක්තිමත් නීතිමය ආරක්ෂාව සහතික කිරීමට කඩිනමින් ක්රියා කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.• 1983 ‘කළු ජූලිය’ සමඟ ඇති වූ ජනවාර්ගික ප්රචණ්ඩ ක්රියා පිළිබඳ සත්යය සෙවීම, විනාශයන් තක්සේරු කිරීම සහ නැවත එවැනි ජනවාර්ගික ප්රචණ්ඩ ක්රියා සිදුවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම1983 ‘කළු ජූලිය’ සහ වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ සමූල ඝාතන, ජනවාර්ගික ගැටුම් සහ ප්රචණ්ඩ ක්රියාවන්, රටේ ජාතික ඒකාබද්ධතාව, සමාජ ව්යුහය සහ ආර්ථිකය මත දරුණු කැළලක් ඇති කර ඇති හෙයින් ද, මෙම ගැටුම් සහ ප්රචණ්ඩ ක්රියාවල දී දහස් සංඛ්යාත ජනතාවක් ඝාතනයට ලක්ව, දස දහස් සංඛ්යාත පිරිසක් අවතැන් වී සරණාගතයන් බවට පත් කළ හෙයින් ද, නිවාස සහ ව්යාපාරික ස්ථාන ඇතුළු වටිනා දේපළ ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කරන ලද හෙයින් ද, මෙම සිදුවීම සිදු වී වසර හතළිහකට වඩා වැඩි කාලයක් ගතවී ඇතත්, මෙම ගැටුම් සහ ප්රචණ්ඩ ක්රියා මෙහෙය වූ තැනැත්තන් හඳුනාගෙන නොමැති හෙයින් ද, සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ දේපළ හානි පිළිබඳව පුළුල් හා ස්වාධීන විමර්ශනයක් මෙතෙක් පවත්වා නොමැති හෙයින් ද, මෙවැනි ජනවාර්ගික ගැටුම් සහ ප්රචණ්ඩ ක්රියා නැවත අප රට තුළ සිදු නොවීම තහවුරු කිරීම සහ රටේ සියලුම ජන කොටස් අතර තිරසර සමගිය හා සංහිඳියාව ගොඩනැඟීම අත්යවශ්ය වන හෙයින් ද, එකී ප්රචණ්ඩ ක්රියා පිළිබඳ සත්යය සෙවීම, විනාශයන් තක්සේරු කිරීම සහ නැවත එවැනි ජනවාර්ගික ප්රචණ්ඩ ක්රියා සිදුවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.• ක්ෂුද්ර මූල්ය ණය ලබාගත් ණය වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමක්ෂුද්ර මූල්ය ණය ලබාගත් පිරිසෙන් අති බහුතරයක් මේ වනවිට ණය වින්දිතයින් බවට පත්ව සිටින බැවින්, එම පිරිසට සාධාරණය ඉටු කිරීම සඳහා වැඩසටහනක් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.• ශ්රී ලංකාවේ ක්රීඩා ආයතන දේශපාලනීකරණයෙන් තොර කිරීමශ්රී ලංකාවේ ක්රීඩා ආයතන දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බව පෙනී යන බැවින්, ඡන්දයෙන් තේරී පත් වන දේශපාලනඥයින් ක්රීඩා ආයතනවල නායකත්ව තනතුරු සඳහා තරග කිරීම සහ ඒවා හෙබවීම තහනම් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“බලශක්ති ක්ෂේත්රය ප්රතිව්යුහගත කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1633 ට 2026 ඔක්තෝබර් මස 20 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.