02

E   |   த   |  

2026-10-08

පුවත් කාණ්ඩ : සභාවේ කටයුතු 

2026 ඔක්තෝබර් මස 8 වැනි දින සභාවේ කටයුතු

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
2 : “ට්‍රෙඩ්සෝ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ IV (4) හා V (5) කොටස්, සිව්වැනි කාණ්ඩයේ III (3) කොටස සහ පස්වැනි කාණ්ඩයේ III (3) හා IV (4) කොටස්.
(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩය ─ විද්‍යුත් වාහන භාවිතය, පසු භාවිත කළමනාකරණය සහ පාරිසරික බලපෑම පිළිබඳ ඇගයීම - ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ විගණන වාර්තාව.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 අධිකාරය) රේගු ආඥා පනතේ 10අ වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 අගෝස්තු 14 දිනැති      අංක 2501/88 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. 
(ii)    2025 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iii)    2025 වර්ෂය සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා       
           
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු රවී කරුණානායක මහතා
නිදහස් වෙළඳ ගිවිසුම් පුළුල් කිරීම සඳහා වන ජාතික උපායමාර්ගය


අමාත්‍යාංශ නිවේදන

(i)    “2018 සිට 2026 දක්වා උතුර සහ නැගෙනහිර පළාත්වල සංචාරක කාර්ය සාධනය පිළිබඳ විස්තර” සහ “ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව” සම්බන්ධයෙන් 2026.07.22 සහ 2026.09.09 දිනයන්හි දී ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය, ගරු විජිත හේරත් මහතා පිළිතුරු ලබා දුන්නේ ය.

(ii)    “සමාජීය, ආර්ථික සහ මූල්‍ය ප්‍රතිලාභ සම්බන්ධයෙන් IMF ගිවිසුම පිළිබඳව රජයේ ඇගයුම” සහ “ශ්‍රී ලංකාවේ අපනයන සහ ආයෝජන ආදායම” සම්බන්ධයෙන් 2026.06.09 සහ 2026.09.08 දිනයන්හි දී ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සංශෝධන සහිතව සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1800 ට 2026 ඔක්තෝබර් මස 9 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.




සම්බන්ධිත පුවත්

2026-10-07

2026 ඔක්තෝබර් මස 7 වැනි දින සභාවේ කටයුතු

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම2 : “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බවකථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLV (45) කොටස;•    2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XXVIII (28) කොටස;•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXVII (67) කොටස;•    2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXXII (72)  හා LXXIII (73)  කොටස්;•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLIX (49) කොටස; සහ•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ VI (6) හා VII (7) කොටස්, තෙවැනි කාණ්ඩයේ VI (6) හා VII (7) කොටස් සහ නවවැනි කාණ්ඩයේ II (2) හා III (3) කොටස්ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2025 වර්ෂය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.(ii)    2025 වර්ෂය සඳහා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(iii)    2018/2019 වර්ෂය සඳහා සීමාසහිත ජාතික කඩදාසි සමාගමේ වාර්ෂික වාර්තාව.(iv)    2021 වර්ෂය සඳහා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව(v)    2023 වර්ෂය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වාර්ෂික වාර්තාව.(vi)    2025 වර්ෂය සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.(vii)    2024 වර්ෂය සඳහා ජාතික යොවුන් සේනාංකයේ වාර්ෂික වාර්තාව.(viii)    2025 වර්ෂය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(ix)    2025 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරු සුබසාධක අරමුදලේ කාර්ය සාධන වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගමගෙදර දිසානායක මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෛරාසා රවිකරන් මහතා                  (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඔෂානි උමංගා මහත්මිය(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) වී. එස්. රාධක්‍රිෂ්ණන් මහතා(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතාපාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතාවහලය මත සවිකරන සූර්ය බලශක්ති පද්ධතිය සඳහා වන නව ගිවිසුමගරු බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. (ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාශ්‍රී ලාංකික පුරවැසියෙකු වන සිවරාසා අනෝජන්ට සෞදි අරාබියේදී මරණ දණ්ඩනය හිමිවීම  ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. පනත් කෙටුම්පත් පිළිගැන්වීම(i)    2027 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද; ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහා ද; ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැකසීම සඳහා ද; එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද; ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කාරණා හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද වූ“විසර්ජන”නමැති පනත් කෙටුම්පත ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.(ii)    ශ්‍රී ලංකාවට තැනැත්තන් ඇතුළුවීම සහ ශ්‍රී ලංකාවෙන් තැනැත්තන් පිටවීම පාලනය කිරීම සඳහා ද;   ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන තැනැත්තන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම පාලනය කිරීම සඳහා ද; ගමන් ලේඛන නිකුත් කිරීම සඳහා ද; (351 වන අධිකාරය වූ) ආගාමික හා විගාමික පනත සහ 1971 අංක 53 දරන විදේශ ගමන් බලපත්‍ර (විධිමත් කිරීමේ) සහ පිටවීමේ අවසර පත්‍ර පනත ඉවත් කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ“ආගමන”නමැති පනත් කෙටුම්පත ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.කල් තැබීමේ යෝජනාව“වී ගොවීන් සුරක්ෂිත කිරීමේ සැලැස්ම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1734 ට 2026 ඔක්තෝබර් මස 8 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-10-06

2026 ඔක්තෝබර් මස 6 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ගරු පා.ම. අජිත් පී. පෙරේරා මහතා විසින් මට එරෙහිව ඉදිරිපත් කරන ලද වරප්‍රසාද කඩකිරීමේ පැමිණිල්ල සම්බන්ධ තීරණය2 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම3 : රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම4 : පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීමකථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ I (1) හා II (2) කොටස් සහ පස්වැනි කාණ්ඩයේ I (1) හා II (2) කොටස්.(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXVI (66) කොටස; සහ•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ IV (4) හා V (5) කොටස් සහ ත‍ෙවැනි කාණ්ඩයේ IV (4) හා V (5) කොටස්ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්.(ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අධිකරණ සේවා කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (iii)    2025 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2026.08.03 සිට 2026.08.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මධ්‍යම පළාත් සභාව යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (v)    2024 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තාව.(vi)    2025 වර්ෂය සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීම(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.(ii)    රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. වී. සමන්ත විද්‍යාරත්න මහතා(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා                    (iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා                    (v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා                   (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නගරු සජිත් ප්‍රේමදාස මහතාශ්‍රී ලංකා මහ බැංකුවේ "ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංඛ්‍යාලේඛන - 2026" වාර්තාව සකස් කිරීමේදී යල් පැන ගිය සංඛ්‍යාලේඛන භාවිත කිරීම  ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. අමාත්‍යාංශ නිවේදනඋතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් යුක්තිය පසිඳලීමට සිදුකරන අනවශ්‍ය මැදිහත්වීම් සම්බන්ධයෙන් 2026.06.12 දින ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර  මහතා පිළිතුරු ලබා දුන්නේ ය.පනත් කෙටුම්පත් පිළිගැන්වීම(i)    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනකරණය, පාලනය කිරීම, නියාමනය කිරීම, ප්‍රවර්ධනය කිරීම, සංවර්ධනය කිරීම සහ පරිපාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිහිටුවීම සඳහා ද; යහපාලනය, සුපිළිපන්නභාවය, විනිවිදභාවය, වගකිවයුතුභාවය, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා සැලසීම යන මූලධර්ම හරහා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය අභිවර්ධනය කිරීම සඳහා ද; සියලු සහභාගීවන්නන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීම සහ දූෂණයෙන් සහ වෙනත් අනිසි ක්‍රියාකාරකම්වලින් ක්‍රිකට් ආරක්ෂා කිරීම සඳහා ද; ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්ථාපනය කිරීම, බලතල සහ කර්තව්‍ය සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; ඒ හා සම්බන්ධ වූ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ“ශ්‍රී ලංකා ක්‍රිකට්”නමැති පනත් කෙටුම්පත ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.(ii)    ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත දී සිදු කරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවලින්, ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් වැරදිවලින් සහ ත්‍රස්තවාදය පිළිබඳ වරද සංස්ථාපනය වන ඇතැම් නිශ්චිතව දක්වනු ලබන ක්‍රියාවලින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ද; ශ්‍රී ලංකාවෙන් පිටත ත්‍රස්තවාදය සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකා ජනරජයට අයත් දේශය සහ එහි ජනතාව භාවිත කිරීම වැළැක්වීම සඳහා ද; යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් යම් වරදක් සිදුකර ඇත්තා වූ යම් තැනැත්තකු අනාවරණය කරගැනීම, හඳුනාගැනීම, ග්‍රහණය කර ගැනීම, සිරභාරයට ගැනීම, රඳවා තැබීම, පරීක්ෂණ පැවැත්වීම, නඩු පැවරීම සහ දඬුවම් ලබාදීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉවත් කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ“ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ”නමැති පනත් කෙටුම්පත ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී: -(i)    විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි දෙකක් (ii)    විදේශ විනිමය පනත යටතේ නියෝගය (iii)    රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනාවසභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“නයිදෙනිය ඉඩම වෘත්තීය පුහුණු අධිකාරිය වෙත පැවරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඔෂානි උමංගා මහත්මිය විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1735 ට 2026 ඔක්තෝබර් මස 7 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-09-25

2026 සැප්තැම්බර් මස 25 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2024 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව.(ii)    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර සම්බන්ධයෙන් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබා ගැනීමෙන් පසුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 අප්‍රේල් 10 දිනැති අංක‍ 2483/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (iii)    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර සම්බන්ධයෙන් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබා ගැනීමෙන් පසුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 අප්‍රේල් 10 දිනැති අංක‍ 2483/18 සිට 2483/85 දක්වා අනුපිළිවෙළින් වූ අංක දරන අති විශේෂ ගැසට් පත්‍ර 68 ක පළ කරන ලද නියමයන්. (iv)    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර සම්බන්ධයෙන් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබා ගැනීමෙන් පසුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 මැයි 11 දිනැති  අංක‍ 2488/03 සහ 2488/04 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නියමයන්. (v)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (vi)    2025 වර්ෂය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර මහතා                    (iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය            (v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ගීතා හේරත් මහත්මිය                    (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු කේ. කාදර් මස්තාන් මහතාඋතුරු සහ නැගෙනහිර පළාත්වල රජයේ ආයතනවල පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාඋතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනවල පවතින මූල්‍ය හා වෙනත් ගැටලු වරප්‍රසාදපාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩී. වී. චානක මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2026 සැප්තැම්බර් 09 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී. අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී: -(i)    විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය – සංශෝධන සහිතව තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරන ලදී (පක්ෂව 158; විරුද්ධව 63)(ii)    අධිකරණ සංවිධාන (සංශෝධන) – ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් අනතුරුව සම්මත කරන ලදී (පක්ෂව 158; විරුද්ධව 62)අනතුරුව, පාර්ලිමේන්තුව පැය 2015 ට 2026 ඔක්තෝබර් මස 6 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-09-24

2026 සැප්තැම්බර් මස 24 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුමගරු හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාට ලැබුණු ජාත්‍යන්තර ඇගයීමලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.(ii)    2023 වර්ෂය සඳහා පොල් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව.(iii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා එනර්ජීස් (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා - පෙත්සම් තුනයි                    (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු රවී කරුණානායක මහතාශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් මුහුණ දෙන ගැටලු(ii)    ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතාඑරාවූර් අලිගාර් ජාතික පාසලේ ඉඩම් ගැටලුව අමාත්‍යාංශ නිවේදනජාතික වශයෙන් ඇති එල් නිනෝ සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම පිළිබඳව 2026.08.04 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නේ ය.පනත් කෙටුම්පත් පිළිගැන්වීමසුනඛයන් එන්නත් කිරීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ සුනඛයන් වාණිජ අරමුණු සඳහා අභිජනනය කිරීම නියාමනය කිරීම මගින් ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ද; සුනඛයන් ලියාපදිංචි කිරීම සඳහා ද; ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ජාතික උපදේශක කමිටුව සහ ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම සඳහා ද; (476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ“ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ”නමැති පනත් කෙටුම්පත ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) විවාදයට ගෙන හෙටට කල් තබන ලදී: -(i)    විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම(ii)    අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1916 ට 2026 සැප්තැම්බර් මස 25 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks