කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සමඟ සිදු කරන අන්තර් ක්‍රියාකාරී සැසිය
2 : පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන සියලුම වාර්තා ඩිජිටල් ආකාරයෙන් ලබා ගැනීමට එක් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කැමැත්ත විමසීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2025 වර්ෂය සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(ii) 2025 වර්ෂය සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(iv) 2023 වර්ෂය සඳහා ජී. එස්. එම්. බී. ටෙක්නිකල් සර්විසස් (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව.
(v) 2024 වර්ෂය සඳහා සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව.
(vi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ මහා නගර සභාව (පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 488) සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(vii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ මහා නගර සභාව (පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 490) සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(viii) 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව.
(ix) 2025 වර්ෂය සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(x) 2025 වර්ෂය සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(xii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(xiii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ එවකට ජල සම්පාදන අමාත්‍යාංශය, එවකට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව සහ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්ප කුමාර මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා
මන්නාරම සහ රාමේෂ්වරම් අතර තොටුපළ සේවාව නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීම
(ii) ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2026 සැප්තැම්බර් මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-09-08
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය2 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම3 : “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව4 : “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව5 : “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බවකථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─• 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLVII (47) කොටස; සහ• 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ II (2) කොටස(ii) 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 31(1)(ආ) වගන්තිය ප්‍රකාරව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සකස් කරන ලදුව, මුදල් විෂයභාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ද සමඟ ඉදිරිපත් කරන ලද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 2027 වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තුව.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2024 වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.(ii) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්.(iii) 2024 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලය-ශ්‍රී ලංකාව හි වාර්ෂික වාර්තාව සහ ගිණුම්.(iv) 2024 වර්ෂය සඳහා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්.(v) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (vi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (vii) 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 24(4) වගන්තිය සහ 2025 අංක 23 දරන විසර්ජන පනතේ 5 වගන්තිය ප්‍රකාරව, 2026 මාර්තු 13 දින සිට 2026 ජුනි 30 දින දක්වා “වීරමොං ක්‍රියාපටිපාටිය යටතේ සිදුකරන ලද ප්‍රතිපාදන මාරු කිරීම්” සම්බන්ධයෙන් වන තොරතුරු පිළිබඳ වාර්තාව.(viii) 2025 වර්ෂය සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(ix) 2025 වර්ෂය සඳහා එවකට නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(x) 2021/2022, 2022/2023 සහ 2023/2024 වර්ෂ සඳහා සී/ස ගල්ඔය වැවිලි (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තා.(xi) 2024 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව(xii) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව.(xiii) 2024/2025 වර්ෂය සඳහා සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව.(xiv) 2025 වර්ෂය සඳහා සමුපකාර සේවක කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(xv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වයඹ පළාත් සභාව සහ ඒ යටතේ වූ ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xvi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ උතුරු පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xvii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ නැගෙනහිර පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xviii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඌව පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xix) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වයඹ පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xx) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දකුණු පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා. (xxi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සබරගමුව පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xxii) 2021 අංක 21 දරන ඛනිජතෙල් සම්පත් පනතේ 17 වගන්තිය සමඟ කියවිය යුතු 48 වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදුව, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.(xxiii) 2024 වර්ෂය සඳහා ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ වාර්ෂික වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීම(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ තාවකාලික සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් පිළිගන්වන ලදී.(ii) රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා (ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ජගත් ගුණවර්ධන මහතා(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා (iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා (v) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ගීතා හේරත් මහත්මිය (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නගරු රවී කරුණානායක මහතාශ්‍රී ලංකාවේ අපනයන සහ ආයෝජන ආදායම අමාත්‍යාංශ නිවේදනඔලුවිල් වරාය සංවර්ධන ව්‍යාපෘතියේ විස්තර සම්බන්ධයෙන් 2026.06.24 දින ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය, ගරු අනුර කරුණාතිලක මහතා පිළිතුරු ලබා දුන්නේ ය.පනත් කෙටුම්පත් පිළිගැන්වීමගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් පිළිගන්වන ලදී - (i) විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) - (218 වන අධිකාරය වූ) විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කිරීම සඳහා.(ii) විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) - (218 වන අධිකාරය වූ) විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කිරීම සඳහා.අද දින සභාවේ ප්‍රධාන කටයුතුමෝටර් වාහන පනත යටතේ නියෝග (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන)සභාව විසින් අනුමත කරන ලදී.සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“සමාජ මාධ්‍ය වේදිකාවලින් වයස අවුරුදු 16 ට අඩු දරුවන් ආරක්ෂා කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1738 ට 2026 සැප්තැම්බර් මස 9 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-08-21
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බවකථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩය ─ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අටවැනි හා නවවැනි පාර්ලිමේන්තු වාරයන් පිළිබඳව සිදුකරන ලද විශේෂ විගණන වාර්තාව.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (ii) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීම(i) ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බිමල් රත්නායක මහතා විසින් පිළිගන්වන ලදී.(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ තාවකාලික සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා (iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා - පෙත්සම් දෙකයි (iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i) ගරු සජිත් ප්‍රේමදාස මහතාඑක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයේ වන්දි සහ අනෙකුත් විස්තර(ii) ගරු රවී කරුණානායක මහතාවිදුලිබල උත්පාදනය, බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) ආදිය පිළිබඳ විස්තරඅද දින සභාවේ ප්‍රධාන කටයුතුපරිපූරක මුදල — ශීර්ෂය 118 — වැඩසටහන 02 (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)සභාව විසින් අනුමත කරන ලදී.කල් තැබීමේ යෝජනාව“රටේ ඇතැම් ප්‍රදේශවල පවතින නියං තත්ත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2026 සැප්තැම්බර් මස 8 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-08-20
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2025 වර්ෂය සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව (වෙළුම I - සාමාන්‍ය අධ්‍යාපනය, වෙළුම II - උසස් අධ්‍යාපනය සහ වෙළුම III - වෘත්තීය අධ්‍යාපනය).(ii) 2025 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2026.07.01 සිට 2026.07.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.(iii) 2026 අංක 04 දරන පරිපූරක ඇස්තමේන්තුව.(iv) 2022 වර්ෂය සඳහා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව.(v) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිසර අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (vi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ මහතා - පෙත්සම් දෙකයි (ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්‍ෂ මහතා (iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i) ගරු කේ. කාදර් මස්තාන් මහතාසෞඛ්‍ය අංශයේ නිල ඇඳුම් කේතය පිළිබඳ ගැටළු ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.(ii) ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාපිළිකා රෝගීන් සඳහා වූ ඖෂධවල හිඟකම ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. වරප්‍රසාදපාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2026 ජූලි 07 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතුස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)සභාව විසින් සම්මත කරන ලදී.සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“මුස්ලිම් හෙද සහායකයින් මුහුණ දෙන නිල ඇඳුම් ගැටළුව” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1810 ට 2026 අගෝස්තු මස 21 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-08-19
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 35(1) වගත්තිය ප්‍රකාරව, විගණකාධිපතිවරයා විසින් මා වෙත ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2026 වර්ෂය සඳහා වන වාර්ෂික කාර්ය වැඩසටහන, එකී පනතේ 35(5) වගන්තිය ප්‍රකාරව.(ii) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 36(1) වගන්තිය ප්‍රකාරව, විගණකාධිපතිවරයා විසින් මා වෙත ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2025 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන සහ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ ස්වාධීන විගණකගේ වාර්තාව, එකී පනතේ 36(3) වගන්තිය ප්‍රකාරව.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2025 වර්ෂය සඳහා මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව.(ii) 2025 වර්ෂය සඳහා ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව.(iii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (iv) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.(v) 2024 වර්ෂය සඳහා සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීමපරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් තුනයි (ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා - පෙත්සම් දෙකයි (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i) ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතාජාතික සීමා නිර්ණ කොමිසමේ මුස්ලිම් නියෝජනය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය.(ii) ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සම්බන්ධයෙන් පනත් කෙටුම්පත් පිළිගැන්වීම2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වූ“දූෂණ විරෝධී (සංශෝධන)”නමැති පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් පිළිගන්වන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතුමුදල් පනත යටතේ යෝජනා සම්මතය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)සභාව විසින් අනුමත කරන ලදී.සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතාඅනතුරුව, පාර්ලිමේන්තුව පැය 1718 ට 2026 අගෝස්තු මස 20 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.